11. 7.
ධම්මට්ඨිතතාකථා
[“ඨිතාව සා ධාතු” යන වචනය නිසා ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත ධර්‍මස්‍ථිතතාව ද අවිද්‍යාදිය මෙන් පරිනිෂ්පන්න වෙති යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන් ගේ වාද බිඳුනට ධම්‍මස්‍ථිතතාකථා එයි.]
1. ස. පු: ධර්‍මස්‍ථිතතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ පරිනිෂ්පන්න ස්‍ථිතතාවට (අවිද්‍යාදිය හැර තදන්‍ය) පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: (තොප කියන) ඒ ස්‍ථිතතාවට තදන්‍ය පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ හේතුපරිනිෂ්පන්නස්‍ථිතතායෙන් මැ (මෙසේ හේතු පරම්පරාව නො සිඳෙන කල්හි) දුඃඛයාගේ අන්තකිරියාවෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපයාගේ ස්‍ථිතතාව පරිනිෂ්පන්න ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතාවෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ පරිනිෂ්පස්‍ථිතතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වේදනාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංඥාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංස්කාරයනට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... විඥානයට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයට පරිනිෂ්පන්න ස්‍ථිතතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: එයට පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ධම්‍මට්ඨිතතාකථා නිමි.
11. 8.
අනිච්චතාකථා
[අනිත්‍ය වූ රූපාදීන්ගේ අනිත්‍යතා ද රූපාදීන් සෙයින් පරිනිෂ්පන්නය’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් අන්‍යවාදීන්ගේ වාද බිඳුනට ‘අනිච්චතාකථා’ එයි.]
1. ස. පු: අනිත්‍යතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ අනිත්‍යතාවට තදන්‍ය පරිනිෂ්පන්න අනිත්‍යතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඒ අනිත්‍යතාවට තදන්‍ය අනිත්‍යතාවට ද පරිනිෂ්පන්න අනිත්‍යතා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ (පරිනිෂ්පන්න) අනිත්‍යතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ජරාව පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ජරාවට තදන්‍ය පරිනිෂ්පන්න ජරා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඒ ජරාවට තදන්‍ය පරිනිෂ්පන්න ජරා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ
5. ස. පු: මරණය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ මරණයට තදන්‍ය පරිනිෂ්පන්න මරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඒ මරණයට තදන්‍ය පරිනිෂ්පන්න මරණ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...