11. 1.
තිස්සෝපි අනුසයකථා
[යම් හෙයෙකින් පෘථග්ජන තෙම කුශලාව්යාකෘත සිත් පවතිත් මැ ‘සානුශයහ’ යි කියැයුතු වේ ද, එකෙණෙහි ඔහුගේ යම් හේතුයෙක් ඇද් ද, ඒ හේතුයෙන් අනුශය ධර්මයෝ සහේතුක නො වෙත්. ඒ චිත්තයෙන් සම්ප්රයුක්ත ද නො වෙත්. එහෙයින් ඒ ධර්මයෝ ‘අව්යාකෘතයහ, අහේතුකයහ, චිත්තවිප්රයුක්තයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකසමමිතීය නිකාය වාසීන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි අනුසයකථා’ එයි.]
1. ස. පුච්ඡා: අනුශයයෝ අව්යාකෘත වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනුයෝග: විපාකාව්යාකෘත වෙත් ද? ක්රියාව්යාකෘත වෙත් ද? රූප, නිර්වාණ, චක්ෂුරායතන ... ස්ප්රෂ්ටව්යායතන අව්යාකෘත වේ ද?
ප. පටික්ඛේප: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කාමරාගානුශය අව්යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය කාමරාගපර්ය්යුත්ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්ද නීවරණය අව්යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කාමරාගය කාමරාගපර්ය්යුත්ථානය ... කාමච්ඡන්ද නීවරණය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ප්රතිඝානුශය අව්යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රතිඝය ප්රතිඝපර්ය්යුත්ථානය ප්රතිඝසංයෝජනය අව්යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ප්රතිඝය ප්රතිඝපර්ය්යුත්ථානය ප්රතිඝසංයෝජනය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්රතිඝානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: මානානුශය අව්යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මානය, මානපර්ය්යුත්ථානය, මානසංයෝජනය අව්යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: මානය, මානපර්ය්යුත්ථානය, මානසංයෝජනය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මානානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: දිට්ඨානුසය අව්යාකෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්ය්යුත්ථාන, දෘෂ්ටිසංයෝජන අව්යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්ය්යුත්ථානය, දෘෂ්ටිසංයෝජන අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිඅනුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...