1500. ඕඝධර්මයෝ කවරහ යත්:
ඕඝගොච්ඡක යි.
1501. යෝගධර්මයෝ කවරහ යත්:
යෝගගොච්ඡක යි.
1502. නීවරණධර්මයෝ කවරහ යත්:
නීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්දනීවරණ යැ, ව්යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිජ්ජානීවරණ යි.
කාමාච්ඡන්දනීවරණය ලෝභසහගත සිත් අටෙහි උපදී. ව්යාපාදනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. ථීනමිද්ධනීවරණය සසංස්කාරික අකුසල් සිත්හි උපදී. උද්ධච්චනීවරණය ඖද්ධත්යසහගත චිත්තෝත්පාදයන්හි උපදී. කුක්කුච්චනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. අවිජ්ජානීවරණය සියලු අකුසල් සිත්හි උපදී. මොහු නීවරණ ධර්මයෝ යි.
1503. නීවරණ නො වූ ධර්මයෝ කවරහ යත්:
නීවරණයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු නීවරණ නො වූ ධර්මයෝ යි.
1504. නීවරණීය (නීවරණයන්ට හිත) වූ ධර්මයෝ කවරහ යත්:
ත්රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය ධර්මයෝ යි.
1505. අනීවරණීය වූ ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න වූ සතර මාර්ගයෝ යැ, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු අනීවරණීය ධර්මයෝ යි.
1506. නීවරණසමුප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
දොළොස් අකුසල් සිත්හු යැ. මෙහු නීවරණසම්ප්රයුක්ත ධර්මයෝ යි.
1507. නීවරණවිප්රයුක්ත ධර්මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, රූපය ද, නිර්වාණය දැයි මොහු නීවරණවිප්රයුක්ත ධර්මයෝ යි.
1508. නීවරණ වූ ද නීවරණීය වූ ද ධර්මයෝ කවරහ යත්:
එ මැ නීවරණයෝ නීවරණ ද නීවරණීය ද වෙති.
1509. නීවරණීය ද නො ද නීවරණ වූ ධර්මයෝ කවරහ යත්:
නීවරණයන් තබා අවශේෂ අකුශල යැ, ත්රෛභූමක කුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය වූ ද නො ද නීවරණ වූ ධර්මයෝ යි.
අනීවරණීය ධර්මයෝ නීවරණ වූ නො ද නීවරණීයහ’යි ද නීවරණීය ද වූ නො ද නීවරණ වු හ’යි ද නො කියැයුත්තාහ.
1510. නීවරණ ද වූ නීවරණසම්ප්රයුක්ත ද වූ ධර්මයෝ කවරහ යත්:
යම් සිතෙක දෙ තුන් නීවරණ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු නීවරණ වූ ද නීවරණසම්ප්රයුක්ත වූ ද ධර්මයෝ යි.
1511. නීවරණසම්ප්රයුක්ත ද නො ද නීවරණ වූ ධර්මයෝ කවරහ යත්:
නීවරණයන් තබා අවශේෂ අකුශල යැ. මොහු නීවරණසම්ප්රයුක්ත ද වූ නො ද නීවරණ ධර්මයෝ යි.
නීවරණවිප්රයුක්ත ධර්මයෝ නීවරණ ද වූ නීවරණසම්ප්රයුක්ත වූහ’යි ද, නීවරණසම්ප්රයුක්ත ද වූ නො ද නීවරණ වූහ’යි නොකියැයුත්තාහ.
1512. නීවරණවිප්රයුක්ත වූ නීවරණීය ධර්මයෝ කවරහ යත්:
ත්රෛභූමක කුශල යැ, ත්රෛභූමක විපාක යැ, ත්රෛභූමක ක්රියාව්යකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණ විප්රයුක්ත වු නීවරණීය ධර්මයෝ යි.
1513. නීවරණවිප්රයුක්ත වූ අනීවරණීය ධර්මයෝ කවරහ යත්:
අපර්ය්යාපන්න වූ සතර මාර්ගයෝ යැ, සතර ශ්රාමණ්යඵලයෝ ද, නිර්වාණය දැයි මොහු නීවරණවිප්රයුක්ත වූ අනීවරණීය ධර්මයෝ යි.
නීවරණසම්ප්රයුක්ත ධර්මයෝ නීවරණවිප්රයුක්ත නීවරණීය වූහ’යි ද, නීවරණවිප්රයුක්ත අනීවරණීය වූහ’යි ද නොකියයුත්තාහ.
නීවරණගොච්ඡක යි.