යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්ශන සප්රතිඝ වූ නිල් ය - කසාවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සියුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරු වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරු මඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමිණි පැහැ ය රන් රිදී පැහැ ය, යළි අන්ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයක් අනිදර්ශන සප්රතිඝ වූ ඇසින් දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දකී නම් හෝ තෙලෙ (රූසටහන) රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
621. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්ශන සප්රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරු වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරුමඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත් මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයෙක්හි අනිදර්ශන සප්රතිඝ වූ ඇස ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ (රූසටහන) රූප නමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
622. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්ශන සප්රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මදටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරමඬලෙහි පැහැය තරුපැහැ ය කැටපත්මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයෙක් අනිදර්ශන සප්රතිඝ වූ ඇසෙහි ගැටුණේ හෝ ගැටෙයි හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ රූප නුමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතන රූප යි.
623. ඒ රූපායතනරූපය කවරෙ යත්:
යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්ශන සප්රතිඝ වූ - නිල් ය - කහවනැ ලේපැහැ ය සුදු ය කළු ය මඳටවනැ සම්වනැ නිල්තණපැහැ ය අඹදළුපැහැ ය උස් ය මිටි ය කුදු ය මහතැ වට ය පිරිමඬුලු ය සිවුරැසැ සඇසැ අටැසැ සොළොසැසැ වළ ය ගොඩ ය සෙවණ ය අව් ය එළි ය අඳුරැ වලා ය හිම ය දුම් ය රජසැ සඳමඬලෙහි පැහැ ය හිරුමඬලෙහි පැහැ ය තරුපැහැ ය කැටපත් මඬලෙහි පැහැ ය මිණි සක් මුතු වෙරළුමණිපැහැ ය රන් රිදීපැහැ ය, යළි අන්ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහනැ යි කියන ලද සනිදර්ශන සප්රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, යම් රූපයක් අරමුණු කොට ඇස නිසා චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් රූපයක් අරමුණු කොට ඇස නිසා චක්ඛුසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … චක්ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඇසක් නිසා රූපාලම්බන වූ චක්ඛුසම්ඵස්සය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදි නම් හෝ … යම් ඇසක් නිසා රූපාලම්බන වූ චක්ඛුසම්ඵස්සජ වේදනාව … සංඥාව … චේතනාව … චක්ෂුර්විඥානය උපනේ හෝ උපදී හෝ උපදනේ හෝ උපදී නම් හෝ, තෙලෙ රූප නමුදු වෙයි, තෙලෙ රූපායතන නමුදු වෙයි, තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
624. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්ශන සප්රතිඝ වූයේ ද, - බෙරහඬ ය මිහිඟුහඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම් හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්වයන්ගේ නිග්ඝෝස (-අවියත්) හඬ ය ධාතූන් ගේ (උනුනුන්) ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස් හඬ ය නොමිනිස්හඬ ය, යළි අන්ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්ශන සප්රතිඝ වූ යම් ශබ්දයෙකුත් ඇද්ද, අනිදර්ශන සප්රතිඝ වූ යම් ශබ්දයක් අනිදර්ශන සප්රතිඝ වූ ශ්රෝතයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසා නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.
625. ඒ ශබ්දායතනරූපය කවරෙ යත්:
යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්ශන සප්රතිඝ වූයේ ද, - බෙරහඬ ය මිහිඟු හඬ ය සක්හඬ ය පණාබෙරහඬ ය ගීහඬ ය වැයුම්හඬ ය කස්තලහඬ ය අත්තලහඬ ය සත්ත්වයන්ගේ අවියත් හඬ ය ධාතූන්ගේ ගැටුම් හඬ ය සුළංහඬ ය දියහඬ ය මිනිස්හඬ ය නොමිනිස් හඬ ය, යළි අන්ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්ශන සප්රතිඝ වූ යම් ශබ්දයෙක් ඇද්ද, අනිදර්ශන සප්රතිඝ වූ යම් ශබ්දයෙක්හි අනිදර්ශන සප්රතිඝ වූ ශ්රෝතය ගැටුණේ හෝ ගැටේ හෝ ගැටෙන්නේ හෝ ගැටේ නම් හෝ, තෙලෙ ශබ්ද නමුදු වෙයි, තෙලෙ ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ඒ ශබ්දායතනරූප යි.