කායවිඥප්තිරූපයෙක් ඇත, කායවිඥප්ති නො වූ රූපයෙක් ඇත.
වාග්විඥප්තිරූපයෙක් ඇත, වාග්විඥප්ති නො වූ රූපයෙක් ඇත.
ආකාශධාතුරූපයෙක් ඇත, ආකාශධාතු නො වූ රූපයෙක් ඇත.
අබ්ධාතුරූපයෙක් ඇත, අබ්ධාතු නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ ලඝුත්‍වරූපයෙක් ඇත. රූපයාගේ ලඝුත්‍ව නො වූ රූපයෙක් ඇත;
රූපයාගේ මෘදුත්‍වරූපයෙක් ඇත, රූපයාගේ මෘදුත්‍ව නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ කර්‍මණ්‍යතා රූපයෙක් ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ උපචයරූපයෙක් ඇත, රූපයාගේ උපචය නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ සන්තතිරූපයෙක් ඇත, රූපයාගේ සන්තති නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ ජරතාරූපයෙක් ඇත, රූපයාගේ ජරතා නො වූ රූපයෙක් ඇත.
රූපයාගේ අනිත්‍යතාරූපයෙක් ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූ රූපයෙක් ඇත.
කවලීකාරාහාරරූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති.
මෙසේ දෙකොටසින් රූපසඞ්ග්‍රහය වේ.
සූක්‍ෂ්මරූප දුක යි. (12)
ද්විකය යි.
589. තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදාරූප ය. යම් බාහිරරූපයෙක් වේ ද එ උපාදාවූයේ ඇත, උපාදා නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදින්න ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය උපාදින්නූපාදානිය ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අනිදර්‍ශන ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටුම් සහිත) ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය මහාභූත නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය විඥප්ති නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය විඥප්ති වූයේ ඇත, විඥප්ති නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන වූයේ ඇත, චිත්තසමුත්‍ථාන නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසහභූ නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසහභූ වූයේ (-සිත සමග උපන්නේ) ඇත. චිත්තසහභූ නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී වූයේ ඇත, චිත්තානුපරිවර්‍තතී නො වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඖදාරික ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂ්ම වූයේ ඇති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සන්තික වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
ප්‍රකීර්‍ණක ත්‍රික යි. (13)
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට වස්තු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ඇති.
යම් බාහිරරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට වස්තු වූයේ ඇත, කායසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.