චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට ... සංඥාවට … චෙතනාවට … කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇති.
ආලම්බනදුක යි. (25)
චක්ඛායතන රූපයෙක් ඇත, චක්ඛායතන නො වූ රූපයෙක් ඇත.
සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතනරූපයෙක් ඇත, කායායතන නො වූ රූපයෙක් ඇත.
රූපායතන වූ රූපයෙක් ඇත, රූපායතන නො වූ රූපයෙක් ඇත.
ශබ්දායතනරූපයෙක් ඇත, ශබ්දායතන නො වූ රූපයෙක් ඇත.
ගන්‍ධායතනරූපයෙක් ඇත, ගන්‍ධායතන නො වූ රූපයෙක් ඇත.
රසායතනරූපයෙක් ඇත, රසායතන නො වූ රූපයෙක් ඇත.
ඵොට්ඨබ්බායතනරූපයෙක් ඇත, ඵොට්ඨබ්බායතන නො වූ රූපයෙක් ඇති.
ආයතන දුක යි. (10)
චක්ඛුධාතුරූපයෙක් ඇත, චක්ඛුධාතු නො වූ රූපයෙක් ඇත.
සොතධාතු රූපයෙක් ඇත, සොතධාතු නො වූ රූපයෙක් ඇත.
ඝානධාතුරූපයෙක් ඇත, ඝානධාතු නො වූ රූපයෙක් ඇත.
ජිව්හාධාතුරූපයෙක් ඇත, ජිව්හාධාතු නො වූ රූපයෙක් ඇත.
කායධාතුරූපයෙක් ඇත, කායධාතු නො වූ රූපයෙක් ඇත.
රූපධාතුරූපයෙක් ඇත, රූපධාතු නො වූ රූපයෙක් ඇත.
ශබ්දධාතුරූපයෙක් ඇත, ශබ්දධාතු නො වූ රූපයෙක් ඇත.
ගන්‍ධධාතුරූපයෙක් ඇත, ගන්‍ධධාතු නො වූ රූපයෙක් ඇත.
රසධාතුරූපයෙක් ඇත, රසධාතු නො වූ රූපයෙක් ඇත.
ස්ප්‍රෂ්ටව්‍යධාතුරූපයෙක් ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූපයෙක් ඇති.
ධාතු දුක යි. (10)
චක්‍ෂුරින්‍ද්‍රියරූපයෙක් ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ශ්‍රෝත්‍රේන්‍ද්‍රියරූපයෙක් ඇත, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ඝ්‍රාණෙන්‍ද්‍රියරූපයෙක් ඇත, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ජිහ්වේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජිහ්වේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
කායේන්‍ද්‍රියරූපයෙක් ඇත, කායේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ස්ත්‍රීන්‍ද්‍රියරූපයෙක් ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
පුරුෂේන්‍ද්‍රියරූපයෙක් ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ජිවිතේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ඉන්‍ද්‍රිය දුක යි. (8)