588. දෙකොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
උපාදාරූපයෙක් ඇත, උපාදා නො වූ රූපයෙක් ඇත.
උපාදින්නරූපයෙක් ඇත, අනුපාදින්නරූපයෙක් ඇත.
උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇත,
සනිදර්‍නරූපයෙක් ඇත, අනිදර්‍ශනරූපයෙක් ඇත.
සප්‍රතිඝරූපයෙක් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.
ඉන්‍ද්‍රියරූපයෙක් ඇත, ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
මහාභූත රූපයෙක් ඇත, මහාභූත නො වූ රූපයෙක් ඇත.
විඥප්තිරූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇත.
චිත්තසමුත්‍ථානරූපයෙක් ඇත, චිත්තසමුත්‍ථාන නො වූ රූපයෙක් ඇත.
සිත සමග උපන් රූපයෙක් ඇත. සිත සමග නූපන් රූපයෙක් ඇත.
චිත්තානුපරිවර්තී වූ රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇත.
ආධ්‍යාත්මිකරූපයෙක් ඇත, බාහ්‍යරූපයෙක් ඇත.
ඖදාරික රූපයෙක් ඇත, සූක්‍ෂමරූපයෙක් ඇත.
දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇත.
ප්‍රකීර්‍ණකදුක යි. (14)
චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ වූ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපයෙක් ඇත, චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපයෙක් ඇත, කායවිඥානයට වස්තු නො වූ රූපයෙක් ඇති.
වස්තුදුක යි. (25)
චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට ... සංඥාවට … චෙතනාවට … කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇති.
ආලම්බනදුක යි. (25)