591. පස් කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
පෘථිවිධාතු ය, අබ්ධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, යම් උපාදාරූපයෙකුත් වේ ද ඒ යැයි.
මෙසේ පස් කොටසින් රූපසඞ්ග්රහය වේ.
පඤ්චකය යි.
592. ස කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
චක්ෂුර්විඥේයරූප ය, ශ්රොතවිඥෙයරූප ය, ඝ්රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝවිඥේයරූප යයි.
මෙසේ ස කොටසින් රූපසඞ්ග්රහය වේ.
ෂට්කය යි.
593. සත් කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
චක්ෂුර්විඥේයරූප ය, ශ්රොතවිඥෙයරූප ය, ඝ්රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.
මෙසේ සත් කොටසින් රූපසඞ්ග්රහය වේ.
සප්තකය යි.
594. අට කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
චක්ෂුර්විඥේයරූප ය, ශ්රොතවිඥෙයරූප ය, ඝ්රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය සුඛසංස්පර්ශ වූයෙක් ඇත, දුඃඛ සංස්පර්ශ වූයෙක් ඇත, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.
මෙසේ අට කොටසින් රූපසඞ්ග්රහය වේ.
අෂ්ටකය යි.
595. නව කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
චක්ෂුරින්ද්රිය ය, ශ්රෝත්රේන්ද්රිය ය, ඝ්රාණෛන්ද්රිය ය, ජිහ්වේන්ද්රිය ය, කායේන්ද්රිය ය, ස්ත්රීන්ද්රිය ය, පුරුෂේන්ද්රිය ය, ජීවිතේන්ද්රිය ය, යම් ඉන්ද්රිය නො වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.
මෙසේ නව කොටසින් රූපසඞ්ග්රහය වේ.
නවකය යි.
596. දස කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
චක්ෂුරින්ද්රිය ය, ශ්රෝත්රේන්ද්රිය ය, ඝ්රාණේන්ද්රිය ය, ජිහ්වේන්ද්රිය ය, කායේන්ද්රිය ය, ස්ත්රීන්ද්රිය ය, පුරුෂේන්ද්රිය ය, ජීවිතේන්ද්රිය ය, ඉන්ද්රිය නො වූ සප්රතිඝරූපයෙකුත් ඇත, අප්රතිඝරූපයෙක් ඇත.
මෙසේ දස කොටසින් රූපසඞ්ග්රහය වේ.
දශකය යි.
597. එකොළොස් කොටසෙකින් රූපසඞ්ග්රහය වෙයි:
චක්ෂුරායතන ය, ශ්රෝත්රායතන ය, ඝ්රාණායතන ය, ජිහ්වායතන ය, කායායතන ය, රූපායතන ය, ශබ්දායතන ය, ගන්ධායතන ය, රසායතන ය, ස්ප්රෂ්ටව්යායතන ය, යම් අනිදර්ශන වූ අප්රතිඝ වූ ධර්මායතනපර්ය්යාපන්න වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.
මෙසෙයින් එකොළොස් කොටසින් රූපසඞ්ග්රහය වේ.
එකාදශකය යි.
මාතෘකා යි.