[ක්රියාමනෝධාතු]
567. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ස්ප්රෂ්ටව්යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ උපේක්ෂා සහගත වූ ක්රියාමනෝධාතු උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්රතාව වෙයි, මනින්ද්රිය වෙයි, උපෙක්ඛින්ද්රිය වෙයි, ජීවිතේන්ද්රිය වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්මායතනය වෙයි, එක් ම ධර්මධාතුව වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි ...
568. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්ධ වෙයි යත්:
ස්පර්ශ ය චේතනා ය විතර්ක ය විචාර ය චිත්තෛකාග්රතා ය ජීවිතේන්ද්රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්ධය තබා සංඥාස්කන්ධය තබා විඥානස්කන්ධය තබා අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්ධ වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
ක්රියාමනෝධාතු යි.
[ක්රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය]
569. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ සෝමනස්සසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, ප්රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්රතාව වෙයි, වීර්ය්යෙන්ද්රිය වෙයි, සමාධීන්ද්රිය වෙයි, මනින්ද්රිය වෙයි, සෝමනස්සින්ද්රිය වෙයි, ජීවිතේන්ද්රිය වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
570. කවරෙක් එසමයෙහි ස්පර්ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්ශයෙක්, ස්පර්ශාකාරයෙක්, මොනවට ස්පර්ශ කරන අයුරෙක්, මොනවට ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්ශ වේ ...
571. කවරක් එසමයෙහි චිත්තෛකාග්රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්ද්රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්රතා වේ.
572. කවරක් එසමයෙහි වීර්ය්යෙන්ද්රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්ය්යාරම්භයෙක්, නිෂ්ක්රමයෙක්, පරාක්රමයෙක්, උද්යමයෙක්, ව්යායාමයෙක්, උත්සාහයෙක්, අධිමාත්ර උත්සාහයෙක්, දෘඪපරාක්රමයෙක්, ධෛර්ය්යයෙක්, ස්ථිරපරාක්රමතායෙක්, නො තැබූ ඡන්දය ඇති බවෙක්, නො තැබූ වීර්ය්යධුර ඇති බවෙක්, වීර්ය්යය දැඩි වැ ගැනීමෙක්, වීර්ය්යයෙක්, වීර්ය්යේන්ද්රියයෙක්, වීර්ය්යබලයෙක් වේ ද, මේ එසමයෙහි වීර්ය්යෙන්ද්රිය වේ.
573. කවරක් එසමයෙහි සමාධීන්ද්රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්ද්රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්ද්රිය වේ, තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්ද්රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්මායතනය වෙයි, එක් ම ධර්මධාතුව වේ. තවද එසමයෙහි අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි ...
574. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්ධ වෙයි යත්:
ස්පර්ශ ය චේතනා ය විතර්ක ය විචාර ය ප්රීති ය චිත්තෛකාග්රතා ය වීර්ය්යෙන්ද්රිය ය, සමාධීන්ද්රිය ය ජීවිතේන්ද්රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්ධය තබා සංඥාස්කන්ධය තබා විඥානස්කන්ධය තබා අන්ය වූ ද ප්රතීත්යසමුත්පන්න වූ යම් අරූපීධර්ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්ධ වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
ක්රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය යි.