[අරූපාවචර විපාක]
502. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්රතිඝසංඥාවන්ගේ ප්රහාණයෙන් නානාත්වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වු, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්රතිඝසංඥාවන්ගේ ප්රහාණයෙන් නානාත්වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් විපාක වූ ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
503. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විපාක වූ විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
504. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා විපාක වූ ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
505. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
එ ම අරූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා විපාක වූ නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
අරූපාවචරවිපාකයෝ යි.
[ලෝකුත්තරවිපාකා]
[සුද්ධික පටිපදා]
506. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ස්රෝතාපත්තිඵල සඞ්ඛ්යාත ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් විපාක වූ, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ශුන්යත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්ද්රිය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
507. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් විපාක වූ, කාමයන් ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අනිමිත්ත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්ද්රිය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
508. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අප්රණිහිත වූ විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්ද්රිය වෙයි … අවික්ෂේපය වේ. මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.