[අෂ්ටමහාවිපාක]
499. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ කාමාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන ඇති වේවයි ... ධර්මාලම්බන ඇති වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස් සහගත වු ඥානසම්ප්රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද ... සොම්නස් සහගත වු ඥානසම්ප්රයුක්ත වූ සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වු ඥානවිප්රයුක්ත වූ ... සොම්නස් සහගත වු ඥානවිප්රයුක්ත වූ සංස්කාර සහිත වැ ... උපේක්ෂා සහගත වූ ඥානසම්ප්රයුක්ත වූ ... උපේක්ෂා සහගත වු ඥානසම්ප්රයුක්ත වූ සංස්කාර සහිත වැ ... උපේක්ෂා සහගත වු ඥානවිප්රයුක්ත වූ .... උපේක්ෂා සහගත වූ ඥානවිප්රයුක්ත වූ සංස්කාර සහිත වැ (විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද) එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි. අලෝභ අව්යාකෘතමූල ය ... අද්වේෂ අව්යාකෘතමූල ය ... අමොහ අව්යාකෘතමූල යි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
අෂ්ටමහාවිපාකයෝ යි.
[රූපාවචර විපාක]
500. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්යාත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම රූපාවචර කුශලකර්මය කළ බැවින් රැස්කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්යාත ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
501. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් පඨවිකසිණ සඞ්ඛ්යාත ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට ... ප්රථමධ්යානයට ... පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එම රූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්රහාණයෙන් ... විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්යාත පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
රූපාවචර විපාකයෝ යි.
[අරූපාවචර විපාක]
502. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්රතිඝසංඥාවන්ගේ ප්රහාණයෙන් නානාත්වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වු, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවාලීමෙන් ප්රතිඝසංඥාවන්ගේ ප්රහාණයෙන් නානාත්වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් විපාක වූ ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
503. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විපාක වූ විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
504. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා විපාක වූ ආකිඤ්චඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
505. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.