[ශුද්ධික අප්රණිහිත]
520. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්රණිහිත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අප්රණිහිත වූ විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
521. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්රණිහිත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අනිමිත්ත වූ විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
522. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්රණිහිත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්යත වූ විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
523. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට ... ප්රථමධ්යානයට ... අප්රණිහිත වු පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... අප්රණිහිත වූ පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද, මේ විපාක යි ... අප්රණිහිත වු (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... අනිමිත්ත වූ (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... අප්රණිහිත වු (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... ශුන්යත වූ (පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
ශුද්ධික අප්රණිහිතය යි.
[අප්රණිහිත ප්රතිපදා]
524. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අප්රණිහිත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එම ලෝකෝත්තර කුශලධ්යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අප්රණිහිත වූ විපාක වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
525. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ අප්රණිහිත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.