363. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙක කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය පිණිස තෘතියභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තෘතීය මාර්‍ගය යි.
364. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපරාග - අරූපරාග - මාන - ඖධත්‍ය - අවිද්‍යාවගේ අනවශේෂප්‍රහාණය පිණිස චතුර්‍ත්‍ථභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
365. කවරෙක් එසමයෙහි අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්:
(පළමු මගින්) දන්නා ලද දක්නා ලද අධිගම කරන ලද ප්‍රකට කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ඒ ධර්‍මයන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙන් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උප පරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවභාෂයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එකල්හි අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
චතුර්මාර්‍ගය යි.
ලෝකෝත්තරචිත්තය යි.
දොළොස් අකුසල්සිත්
366. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවායි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපන්නේ වේ ද, එකලැ ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි. සංඥාව වෙයි. චේතනාව වෙයි. චිත්තය වෙයි. විතර්‍කය වෙයි. විචාරය වෙයි. ප්‍රීතිය වෙයි. සුඛය වෙයි. චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි. සමාධින්‍ද්‍රිය වෙයි. මනින්‍ද්‍රිය වෙයි. සෝමනස්සින්‍ද්‍රිය වෙයි. ජීවිතේන්‍ද්‍රිය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය වෙයි. මිථ්‍යාව්‍යායාමය වෙයි. මිථ්‍යාසමාධිය වෙයි. වීර්‍ය්‍යබලය වෙයි. සමාධිබලය වෙයි. අහිරිකබලය වෙයි. අනොත්තප්පබලය වෙයි. ලෝභය වෙයි. මෝහය වෙයි. අභිධ්‍යාව වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. අහිරිකය වෙයි. අනොත්තප්පය වෙයි. ශමථය වෙයි. ප්‍රග්‍රාහය වෙයි. අවික්‍ෂේපය වෙයි. තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
367. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශකළබවෙක් වේ ද, එකලැ මේ ස්පර්‍ශය වේ.
368. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වු යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.