[ශුන්‍යතය]
344. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමනයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
345. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … ශුන්‍යතපඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ශුන්‍යත යි.
[ශුන්‍යත මූලකප්‍රතිපදා]
346. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
347. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
348. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
349. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
350. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ශුන්‍යත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ශුන්‍යතමූලක ප්‍රතිපදා යි
[අප්පණිහිතය]
351. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
352. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට … අප්‍රණිහිත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අප්‍රණිහිතය යි.