273. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්රතිඝසංඥාවන්ගේ ප්රහාණයෙන් නානාත්වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... හීන වූ චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද ... මධ්යම වූ ... ප්රණීත වූ ... ඡන්දය අධිපති කොට ඇති ... වීර්ය්යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්දය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීර්ය්යය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... (චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
274. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... හීන වූ චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද ... මධ්යම වූ ... ප්රණීත වූ ... ඡන්දය අධිපති කොට ඇති ... වීර්ය්යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්දය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීර්ය්යය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... (චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
275. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... හීන වූ චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද ... මධ්යම වූ ... ප්රණීත වූ ... ඡන්දය අධිපති කොට ඇති ... වීර්ය්යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්දය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීර්ය්යය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
276. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ප්රහාණයෙන් ... හීන වූ චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද ... මධ්යම වූ ... ප්රණීත වූ ... ඡන්දය අධිපති කොට ඇති ... වීර්ය්යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්දය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීර්ය්යය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්යම වූ ... ප්රණීත වූ ... (චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
අරූපාවචරකුශල යි.
ත්රෛභූමකකුශලය නිමි.
ලෝකෝත්තර සිත
277. කවර ධර්මයෝ කුශලහ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස (ස්රෝතාපත්තිඵල සඞ්ඛ්යාත) ප්රථමභූමියට පැමිණීම පිණිස නෛර්ය්යාණික වූ අපචයගාමී වූ (ච්යුතිප්රතිසන්ධි නසමින් යන) ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධාභිඥ වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, ප්රීතිය වෙයි, සුඛය වෙයි, විතෛත්කාග්රතාව වෙයි, සද්ධින්ද්රිය වෙයි, විරියින්ද්රිය වෙයි, සතින්ද්රිය වෙයි, සමාධින්ද්රිය වෙයි, පඤ්ඤින්ද්රිය වෙයි, මනින්ද්රිය වෙයි, සෝමනස්සින්ද්රිය වෙයි, ජීවිතින්ද්රිය වෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වෙයි, සම්මාදිට්ඨි වෙයි, සම්මාවාචා වෙයි, සම්මාකම්මන්ත වෙයි, සම්මාආජීව වෙයි, සම්මාවායාම වෙයි, සම්මාසති වෙයි, සම්මාසමාධි වෙයි, සද්ධාබල වෙයි, විරියබල වෙයි, සතිබල වෙයි, සමාධිබල වෙයි, පඤ්ඤාබල වෙයි, හිරිබල වෙයි, ඔත්තප්පබල වෙයි, අලෝභය වෙයි, අදෝසය වෙයි, අමෝහය වෙයි, අනභිජ්ඣා වෙයි, අව්යාපාද වෙයි, සම්මාදිට්ඨි වෙයි, හිරි වෙයි, ඔත්තප්ප වෙයි, කායපස්සද්ධි වෙයි, චිත්තපස්සද්ධි වෙයි, කායලහුතා වෙයි, චිත්තලහුතා වෙයි, කායමුදුතා වෙයි, චිත්තමුදුතා වෙයි, කායකම්මඤ්ඤතා වෙයි, චිත්තකම්මඤ්ඤතා වෙයි, කායපාගුඤ්ඤතා වෙයි, චිත්තපාගුඤ්ඤතා වෙයි, කායුජ්ජුකතා වෙයි, චිත්තුජ්ජුකතා වෙයි, සති වෙයි, සම්පජඤ්ඤ වෙයි, සමථය වෙයි, විපස්සනා වෙයි, පග්ගාහය වෙයි, අවික්ඛේපය වේ. තවද එසමයෙහි ප්රතීත්යසමුත්පන්න වූ අන්ය වූ ද යම් අරූපීධර්ම කෙනෙක් හෝ ඇද්ද, මේ ධර්මයෝ කුශලයෝ යි.