අරූපාවචර කුශල
265. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
266. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
267. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
268. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අරූපධ්‍යාන සොළසක්ඛත්තුකය යි.
අරූපාවචර කුශල යි.
ත්‍රෛභූමකකුශලය
269. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ හීන වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද ... මධ්‍යම වූ .... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ - (කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
270. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ .. උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත, සංස්කාර සහිත වැ හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වු ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (කාමාවචර කුශලචිත්තයය) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
කාමාවචරකුශල යි.
271. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්ති පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... හීන වූ පඨවිකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
272. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... හීන වූ පඨවිකසිණ - පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද .... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි .... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
රූපාවචරකුශල යි.