203. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... ආපෝකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... තේජෝකසිණ … වායෝකසිණ ... නීලකසිණ … පීතකසිණ … ලෝහිත කසිණ … ඔදාතකසිණ … එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අට්ඨකසිණ සොළසක්ඛත්තුක වාරය යි.
[අභිභායතන]
204. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නො වැඩූ බාහිර වූ අටවැදෑරුම් කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
205. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි මෙනෙහි කොට විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
[අභිභායතන - සතර ප්‍රතිපදා]
206. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
207. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
208. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.