[රූපාවචරක්රියා]
579. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්යාත ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
580. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්යානය වඩා ද, විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට ... ප්රථමධ්යානයට ... පඨවිකසිණ සඞ්ඛ්යාත පඤ්චමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
රූපාවචරක්රියා යි.
[අරූපාවචරක්රියා]
581. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති අරූපාවචර ධ්යානය වඩා ද, සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්ව සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන්, ආකාසානඤ්චායතන සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
582. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්යානය වඩා ද, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම විඥානඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
583. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්යානය වඩා ද, සර්වප්රකාරයෙන් විඥානඤ්චායතනය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
584. කවර ධර්මයෝ අව්යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්රියාමාත්ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්යානය වඩා ද, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වෙයි ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි ... අලෝභ සඞ්ඛ්යාත අව්යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්යාත අව්යාකෘතමූල ය ... අමොහ සඞ්ඛ්යාත අව්යාකෘතමූල ය ... මේ ධර්මයෝ අව්යාකෘතයෝ යි.
අරූපාවචරක්රියා යි.
චිත්තෝත්පාදකාණ්ඩය නිමි.