149. කවර දහම්හු කුසල්හ යත්:
යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
චතුර්‍ත්‍ථචිත්තය යි.
150. කවර දහම්හු කුශලහ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි,
සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වේ, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතා වෙයි, චිත්තකර්‍මණ්‍යතා වෙයි, කායප්‍රගුණත්‍වය වෙයි, චිත්තප්‍රගුණත්‍වය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, අවික්‍ෂේපය වේ. තවද, එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ, යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
151. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
152. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි යම් තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි වේදනාව වේ. ...
153. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි උපේක්‍ෂාව වේ. ...
154. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ. ...
තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගමාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...