1. සප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ,
අප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ,
2. සඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් කළ) ධර්‍මයෝ යැ,
අසඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් නො කළ) ධර්‍මයෝ යැ,
3. නිදර්‍ශන (දැක්ක යුතු බව) සහිත වූ ධර්‍මයෝ යැ,
අනිදර්‍ශන වූ ධර්‍මයෝ යැ,
4. සප්‍රතිඝ (ගැටීම් සහිත) වූ ධර්‍මයෝ යැ,
අප්‍රතිඝ වූ ධර්‍මයෝ යැ,
5. රූපී වූ ධර්‍මයෝ යැ,
අරූපී වූ ධර්‍මයෝ යැ,
6. ලෞකික (ලෝකයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ යැ,
ලෝකෝත්තර වූ ධර්‍මයෝ යැ,
7. කිසි විඥානයකින් දතයුතු වූ ධර්‍මයෝ යැ,
කිසි විඥානයකින් නො දතයුතු වූ ධර්‍මයෝ යි.
චුල්ලන්තරදුකය යි.
1. ආස්‍රව වූ ධර්‍මයෝ යැ,
ආස්‍රව නො වූ ධර්‍මයෝ යැ,
2. ආස්‍රව සහිත වූ ධර්‍මයෝ යැ,
ආස්‍රව රහිත වූ ධර්‍මයෝ යැ,
3. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ යැ,
ආස්‍රව සහිත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යැ,
5. ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ,
(ඛ) ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා.
6. යළි ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව ද වූ ධර්‍මයෝ යැ,
(ආස්‍රව විප්‍රයුක්ත වූ) අනාස්‍රව ද වූ ධර්‍මයෝ යි.
ආස්‍රවගොච්ඡකය යි.
1. සංයෝජන (පුඟුල්හු සසරැ බඳනා) වූ ධර්‍මයෝ යැ,
සංයෝජන නො වූ ධර්‍මයෝ යැ,
2. සංයෝජනීය (සංයෝජනයන්ට හිත) වූ ධර්‍මයෝ යැ,
සංයෝජනීය නො වූ ධර්‍මයෝ යැ,
3. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ යැ,
සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
5. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ,
සංයෝජන සම්ප්‍රයුක්ත වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
6. යළි සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය ද වූ ධර්‍මයෝ යැ,
(සංයෝජන විප්‍රයුක්ත වූ) අසංයෝජනිය ද වූ ධර්‍මයෝ යි.
සංයෝජනගොච්ඡකය යි.