අභිධර්‍මමාතෘකා නිමි.
1. විද්‍යාභාගී (විද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය,
අවිද්‍යාභාගී (අවිද්‍යාව භජනය කරන) ධර්‍මයෝ ය,
2. විදුලිය උපමා කොට ඇති ධර්‍මයෝ ය,
වජ්‍රය උපමා කොට ඇති ධර්‍මයෝ ය,
3. බාල (බාලයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය,
පණ්ඩිත (පණ්ඩිතයන් කෙරෙහි සිටි) ධර්‍මයෝ ය,
4. කෘෂ්ණ (සිත අප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය,
ශුක්ල (සිත ප්‍රභාස්වර කරන) ධර්‍මයෝ ය,
5. තපනීය (මෙලොව පරලොව තවන) ධර්‍මයෝ ය,
අතපනීය ධර්‍මයෝ ය,
6. අධිවචන (වචනමාත්‍රය මැ ප්‍රධාන කොට පවත්නා) ධර්‍මයෝ ය,
අධිවචනපථ ධර්‍මයෝ ය,
7. නිරුක්ති ධර්‍මයෝ ය,
නිරුක්තිපථ ධර්‍මයෝ ය,
8. ප්‍රඥප්ති ධර්‍මයෝ ය,
ප්‍රඥප්තිපථ ධර්‍මයෝ ය,
9. (නමන ලක්‍ෂණ වූ) නාමය ද,
(රුප්පන ලක්‍ෂණ වූ) රූපය ද,
10. (දුඃඛාදියෙහි නොදැනීම වූ) අවිද්‍යාව ද,
(භවය ප්‍රාර්‍ත්‍ථනා කරන) භවතෘෂ්ණාව ද,
11. භව (ශාශ්වත වශයෙන් උපදනා) දෘෂ්ටිය ද,
විභව (උච්ඡේද වශයෙන් උපදනා) දෘෂ්ටිය ද,
12. ශාශ්වත දෘෂ්ටිය ද,
උච්ඡේද දෘෂ්ටිය ද,
13. අන්තවත් දෘෂ්ටිය ද,
අනන්තවත් දෘෂ්ටිය ද,
14. පූර්‍වාන්තය අනුව ගිය දෘෂ්ටිය ද,
අපරාන්තය අනුව ගිය දෘෂ්ටිය ද,
15. අහ්‍රීකය (ලජ්ජා නැති බව) ද,
අනපත්‍රපාව (බිය නොවන බව) ද,
16. හ්‍රිය (ලජ්ජාව) ද,
අපත්‍රපාව (බිය වීම) ද,
17. දුර්වච බව ද,
සුවච බව ද,