1. පරාමර්‍ශ (නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා) ධර්‍මයෝ යැ,
පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යැ,
2. පරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ යැ,
අපරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු නො කළ) ධර්‍මයෝ යැ,
3. පරාමාසසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
පරාමාසවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. පරාමර්‍ශ වූ ද පරාමාෂ්ට වූ ද ධර්‍මයෝ යැ,
පරාමාෂ්ට වූ ද නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යැ,
5. යළි පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යැ,
(පරාමර්‍ශ විප්‍රයුක්ත වූ) අපරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යි.
පරාමාසගොච්ඡකය යි.
1. සාරම්මණ (ආලම්බන සහිත) වූ ධර්‍මයෝ යැ,
අනාරම්මණ (ආලම්බන රහිත) නො වූ ධර්‍මයෝ යැ,
2. චිත්ත ධර්‍මයෝ යැ,
චිත්ත නො වූ ධර්‍මයෝ යැ,
3. චෛතසික (සිත්හි යෙදුණු) ධර්‍මයෝ යැ,
චෛතසික නො වූ ධර්‍මයෝ යැ,
4. චිත්තසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
5. චිත්තසංසෘෂ්ට (සිත හා මිශ්‍ර) වූ ධර්‍මයෝ යැ,
චිත්තවිසංසෘෂ්ට (සිත හා මිශ්‍ර නො වූ) වූ ධර්‍මයෝ යැ,
6. චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) වූ ධර්‍මයෝ යැ,
චිත්තසමුට්ඨාන නො වූ ධර්‍මයෝ යැ.
7. චිත්තසහභූ (සිත හා එක් ව උපදනා) ධර්‍මයෝ යැ,
චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යැ,
8. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) ධර්‍මයෝ යැ,
චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
9. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ යැ,
චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යැ,
10. චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයෝ යැ,
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වූ ධර්‍මයෝ යැ,
11. චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී වූ ධර්‍මයෝ යැ,
චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
12. ආධ්‍යාත්මික වූ ධර්‍මයෝ යැ,
බාහ්‍ය වූ ධර්‍මයෝ යැ,
13. උපාදා (භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ යැ,
උපාදා නො වූ ධර්‍මයෝ යැ,
14. උපාදින්න (කර්‍මය විසින් ඵලභාවයෙන් ගන්නා ලද) වූ ධර්‍මයෝ යැ,
අනුපාදින්න වූ ධර්‍මයෝ යි.
මහන්තරදුකය යි.
1. උපාදාන (දැඩි වැ ගන්නා) වූ ධර්‍මයෝ යැ,
උපාදාන නො වූ ධර්‍මයෝ යැ,
2. උපාදානිය (උපාදානයන්ට හිත) වූ ධර්‍මයෝ යැ,
අනුපාදනීය ධර්‍මයෝ යැ,