1. සාරම්මණ (ආලම්බන සහිත) වූ ධර්‍මයෝ යැ,
අනාරම්මණ (ආලම්බන රහිත) නො වූ ධර්‍මයෝ යැ,
2. චිත්ත ධර්‍මයෝ යැ,
චිත්ත නො වූ ධර්‍මයෝ යැ,
3. චෛතසික (සිත්හි යෙදුණු) ධර්‍මයෝ යැ,
චෛතසික නො වූ ධර්‍මයෝ යැ,
4. චිත්තසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
5. චිත්තසංසෘෂ්ට (සිත හා මිශ්‍ර) වූ ධර්‍මයෝ යැ,
චිත්තවිසංසෘෂ්ට (සිත හා මිශ්‍ර නො වූ) වූ ධර්‍මයෝ යැ,
6. චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) වූ ධර්‍මයෝ යැ,
චිත්තසමුට්ඨාන නො වූ ධර්‍මයෝ යැ.
7. චිත්තසහභූ (සිත හා එක් ව උපදනා) ධර්‍මයෝ යැ,
චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යැ,
8. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) ධර්‍මයෝ යැ,
චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
9. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ යැ,
චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යැ,
10. චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයෝ යැ,
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වූ ධර්‍මයෝ යැ,
11. චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී වූ ධර්‍මයෝ යැ,
චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
12. ආධ්‍යාත්මික වූ ධර්‍මයෝ යැ,
බාහ්‍ය වූ ධර්‍මයෝ යැ,
13. උපාදා (භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ යැ,
උපාදා නො වූ ධර්‍මයෝ යැ,
14. උපාදින්න (කර්‍මය විසින් ඵලභාවයෙන් ගන්නා ලද) වූ ධර්‍මයෝ යැ,
අනුපාදින්න වූ ධර්‍මයෝ යි.
මහන්තරදුකය යි.
1. උපාදාන (දැඩි වැ ගන්නා) වූ ධර්‍මයෝ යැ,
උපාදාන නො වූ ධර්‍මයෝ යැ,
2. උපාදානිය (උපාදානයන්ට හිත) වූ ධර්‍මයෝ යැ,
අනුපාදනීය ධර්‍මයෝ යැ,
3. උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
උපාදානවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. උපාදාන වූ ද උපාදානිය වූ ද ධර්‍මයෝ යැ,
උපාදානිය වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,
5. උපාදාන වූ ද උපාදානසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ,
උපාදාන සම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,
6. යළි උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ද වූ ධර්‍මයෝ යැ,
(උපාදාන විප්‍රයුක්ත වූ) අනුපාදනීය ද වූ ධර්‍මයෝ යැ,
උපාදානගොච්ඡකය යි.
1. ක්ලේශ ධර්‍මයෝ ය,
ක්ලේශ නො වූ ධර්‍මයෝ ය,
2. සාංක්ලේශික ධර්‍මයෝ ය,
අසාංක්ලේශික ධර්‍මයෝ ය,
3. සංක්ලිෂ්ට ධර්‍මයෝ ය,
අසංක්ලිෂ්ට ධර්‍මයෝ ය,
4. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ය,
ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ය,
5. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ද ධර්‍මයෝ ය,
සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
6. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ ය,
සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
7. ක්ලේශ වූ ද ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ ය,
ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,
8. යළි ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය,
(ක්ලේශවිප්‍රයුක්ත වූ) අසාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය,
ක්ලේශගොච්ඡකය යි.
1. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය,
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,
2. භාවනායෙන් (සෙසු තුන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය,
භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,
3. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය,
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,