6. සම්ප්රයෝග විප්රයෝග පද නිර්දෙශය
1. රූපස්කන්ධය කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්රයුක්ත වේ ද යත්: සම්ප්රයෝගයෙක් නැති.
කෙතෙක් ස්කන්ධාදීන් හා සමග විප්රයුක්ත වේ ද යත්: සතර ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග විප්රයුක්ත යැ, එක් මනායතනය හා සමග එක් ධර්මධාතුව හා සමග කිසිවකුන් (ධර්මායතන ධර්මධාතු පර්ය්යාපන්න වූ වේදනා සංඥා සංස්කාරයන්) හා විප්රයුක්ත වේ.
2. වේදනාස්කන්ධය ... සංඥාස්කන්ධය ... සංස්කාරස්කන්ධය ... තුන් ස්කන්ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්තධාතූන් හා සමග සම්ප්රයුක්ත ය. එක් ආයතනයක් හා සමග, එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා සම්ප්රයුක්ත වේ.
කීදෙනකුන් හා සමග විප්රයුක්ත වේ ද යත්: එක් ස්කන්ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (රූපනිබ්බාණ සඞ්ඛ්යාත) කිසිවකුන් හා සමග විප්රයුක්ත වේ.
3. විඥානස්කන්ධය ... තුන් ස්කන්ධයන් හා සමග සම්ප්රයුක්ත යැ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (වේදනාදි) කිසිවකුන් හා සම්ප්රයුක්ත වේ.
කී දෙනකුන් හා සමග විප්රයුක්ත වේ ද යත්: එක් ස්කන්ධයක් හා සමග දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා විප්රයුක්ත වේ.
4. චක්ෂුරායතනය ... ස්ප්රෂ්ටව්යායතනය (කිසිවකුන් හා සමග) සම්ප්රයුක්ත වේ ද යත්: (සම්ප්රයෝගයෙක්) නැති.
කී දෙනකුන් හා සමග විප්රයුක්ත ද යත්: සතර ස්කන්ධයන් හා සමග එක් මනායතනය හා සමග සප්තධාතූන් හා සමග විප්රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්රයුක්ත වේ.
5. මනායතනය තුන් ස්කන්ධයන් හා සමග සම්ප්රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා සම්ප්රයුක්ත වෙයි.
කී දෙනකුන් හා සමග විප්රයුක්ත වේ ද යත්: එක් ස්කන්ධයක් හා සමග, දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්රයුක්ත වේ.
6. චක්ඛුධාතුව ... ඵොට්ඨබ්බධාතුව ... සම්ප්රයුක්ත වේ ද යත්: (සම්ප්රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්ධාදීන් හා සමග විප්රයුක්ත වේ ද යත්: සතර ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්රයුක්ත වේ.
7. චක්ෂුර්විඥාන ධාතුව ... මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව තුන් ස්කන්ධයන් හා සමග සම්ප්රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා කිසිවකුන් හා සම්ප්රයුක්ත වේ.
කෙතෙක් ස්කන්ධයන් හා සමග විප්රයුක්ත වේද යත්: එක් ස්කන්ධයක් හා සමග, දස ආයතනයන් හා සමග, සොළොස් ධාතුන් හා සමග විප්රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්රයුක්ත වේ.
8. සමුදය සත්යය, මාර්ග සත්යය, තුන් ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්රයුක්තවෙයි. එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනෙකුන් හා සම්ප්රයුක්ත වේ.
කෙතෙක් ස්කන්ධාදීන් හා සමග විප්රයුක්ත වේ ද යත්: එක් ස්කන්ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනකුන් හා විප්රයුක්ත වේ.
9. නිරෝධ සත්යය චක්ෂුරින්ද්රියය ... කායින්ද්රියය, ඉත්ථින්ද්රියය පුරිසින්ද්රියය සම්ප්රයුක්ත වේ ද යත්: (සම්ප්රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්ධාදීන් හා සමග විප්රයුක්ත වේ ද යත්: සතර ස්කන්ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනෙකුන් හා විප්රයුක්ත වේ.