ආහුනෙය්යභාවාදිසිද්ධිකථා
‘ආහුණෙය්යභාවාදි සිද්ධි’ (උසස් පූජෝපහාරයනට සුදුසුබව සමෘද්ධ වීම) යනු, හුදෙක් නිරෝධසමාපත්තියට සමවදිනු සමත් බව මතු නොවේ, මේ ආහුණෙය්යභාවාදිය ලැබීමද මෙම ලෝකෝත්තර ප්රඥා භාවනාවෙහි ආනිසංසය’යි දතයුතුය. අවිශේෂයෙන් (සෝවාන් ආදී) චතුර්විධ වූම මේ ලෝකෝත්තර ප්රඥාව වඩනා ලද හෙයින් ‘භාවිත පඤ්ඤ’ නම් වූ ආර්ය පුද්ගල තෙමේ දෙවියන් සහිත ලෝකයාහට ආහුණෙය්ය (දුර සිට ගෙනෙනු ලබන පූජාවනට යෝග්ය වේ, පාහුණෙය්ය (ආගන්තුක දානයට යෝග්ය) වේ, දක්ඛිණෙය්ය (පැන් වඩා දෙන දානයට යෝග්ය) වේ, අඤ්ජලිකරණීය (දොහොත් මුදුන් දී වඳිනු ලැබීමට යෝග්ය) වේ. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස (ලෝකයාහට අනුත්තර පුණ්ය ක්ෂේත්ර) වේ.
විශේෂයෙන් වනාහි, පළමුකොට ප්රථම (සෝවාන්) මාර්ග ප්රඥාව වඩා මන්ද වූ විදර්ශනාවෙන් ආ, මෘදු වූ (ශ්රද්ධාදී) ඉන්ද්රියයන් ඇති ආර්ය පුද්ගල තෙමේ ‘සත්තක්ඛත්තු පරම’ නම්වේ; සුගතිභව සතෙක්හි සැරිසරා (සසර) දුක් කෙළවර කරයි. මධ්යම ප්රමාණයේ විදර්ශනායෙන් ආ, මධ්යම ප්රමාණ ඉන්ද්රිය සහිත පුද්ගල තෙමේ ‘කෝලං කෝල’ (කුලයෙන් කුලයට යන) නම් වේ; (මහාසාර) කුල දෙකක් හෝ තුනක් සැරිසරා (සසර) දුක් කෙළවර කරයි. තියුණු වූ විදර්ශනා සහිතව ආ, තියුණු ඉන්ද්රියයන් ඇති පුද්ගල තෙමේ ‘ඒක බීජී’ නම් වේ; එක්ම වරක් මිනිස් ලොව ඉපිද (සසර) දුක් කෙළවර කරයි.
ද්විතීය මාර්ග ප්රඥාව වැඩීමෙන් ‘සකෘදාගාමී’ නම් වේ, එක්ම වරක් මිනිස් ලොවට අවුත් සසර කෙළවර කරයි.
තෘතීය මාර්ග ප්රඥාව වඩා ‘අනාගාමී’ නම් වේ; එම ආර්යපුද්ගල තෙමේ ඉන්ද්රියයන්ගේ විෂම ප්රමාණ වීම් (අඩු-වැඩිවීම්) වශයෙන් ‘අන්තරා පරිනිබ්බායි’, උපහච්ච පරිනිබ්බායී, අසඞ්ඛාර පරිනිබ්බායී, සසඞ්ඛාර පරිනිබ්බායී, උද්ධංසෝත අකණිට්ඨගාමීය’යි පස් ආකාරයෙකින් මේ සසර හැරපියා අවසන් වෙයි. එහි, ‘අන්තරාපරිනිබ්බායී’ නම් පුද්ගල තෙමේ කිසියම් ශ්රද්ධාවාස භවයෙහි ඉපිද, එහි ආයු ප්රමාණයෙන් අඩකට නොපැමිණම පිරිනිවන් පායි; ‘උපහච්ච පරිනිබ්බායී’ පුද්ගල තෙමේ ආයු ප්රමාණයෙන් අඩක් ඉක්මවා පිරිනිවෙයි; ‘අසඞ්ඛාර පරිනිබ්බායි’ යනු, අනෙකකුගේ මෙහෙයවීමක් නැතිව නිරුත්සාහයෙන්ම මතු (අර්හන්) මාර්ගය උපදවයි; ‘සසඞ්ඛාර පරිනිබ්බායී’ යනු, මෙහෙයවීමක් ඇතිව උත්සාහයෙන් මතු (අර්හන්) මාර්ගය උපදවයි; ‘උද්ධංසෝත අකණිට්ඨගාමී’ යනු, කිසියම් ශුද්ධාවාස භවයෙක්හි ඉපිද, එතැන් සිට අකණිෂ්ට භවය තෙක් ඉහළට නැඟ එහිදී පිරිනිවන්පායි, යන අර්ත්ථයි.
සිවුවන (අර්හන්) මාර්ග ප්රඥාව වඩා කිසිවෙක් ‘සද්ධා විමුත්ත’ වෙති, කිසිවෙක් ‘පඤ්ඤාවිමුත්ත’ද, කිසිවෙක් ‘උභතොභාග විමුත්ත’ද වෙති. කිසිවෙක් ‘තේවිජ්ජ’ (ත්රිවිද්යාවෙන් සමන්විත) ද, කිසිවෙක් ජලභිඤ්ඤා (ෂඩ් අභිඥාවෙන් සමන්විත) ද වෙති; කිසිවෙක් පටිසම්භිදා විශේෂයනට පත් මහා ක්ෂීණාශ්රව වෙති. එම ක්ෂීණාශ්රවයන් සඳහා, “හේ තෙමේ වනාහි මාර්ග ක්ෂණයෙහිදී ඒ තෘෂ්ණා ජටාව ලිහාලයි; ඵලක්ෂණයෙහිදී ලිහාලූ ජටා ඇත්තේ දෙවියන් සහිත ලෝකයාට අග්රදක්ෂිණාර්හ බවට පත් වන්නේය’යි (මෙහි නිදාන කථාවෙහි) කියන ලදි.
එවං අනෙකානිසංසා අරියපඤ්ඤාය භාවනා
යස්මා තස්මා කරෙය්යාථ රතිං තත්ථ විචක්ඛණො
යස්මා තස්මා කරෙය්යාථ රතිං තත්ථ විචක්ඛණො
මෙසේ, යම්හෙයකින් ආර්ය මාර්ග ප්රඥා භාවනාව අනේක වූ ආනිසංස ඇත්තේ වේද, එහෙයින් නුවණැත්තේ එහි ඇලුම් කරන්නේය.
මෙතෙකින්;
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං’’
ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං’’
යන මේ ගාථායෙහි ශීල, සමාධි, ප්රඥා වශයෙන් දේශනා කරන ලද විශුද්ධි මාර්ගයෙහි, ආනිසංස සහිත වූ ප්රඥා (විදර්ශනා) භාවනාව විස්තර කරන ලද්දේ වේ.
සාධුජන ප්රමෝදය සඳහා කරන ලද විශුද්ධි මාර්ගයෙහි, පඤ්ඤාභාවනාධිකාරයෙහි, පඤ්ඤාභාවනානිසංස නිද්දේස නම්වූ තෙවිසිවන පරිච්ඡේදය මෙතෙකින් නිමියේයි.
නිගමනය
මෙතෙකින්:-
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං”
ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං”
යන මේ ගාථාව මාතෘකා වශයෙන් තබා,
“ඉමිස්සාදානි ගාථාය කථිතාය මහෙසිනා
වණ්ණයන්තො යථාභූතං අත්ථං සීලාදිභෙදනං
වණ්ණයන්තො යථාභූතං අත්ථං සීලාදිභෙදනං
සුදුල්ලභං ලභිත්වාන පබ්බජ්ජං ජිනසාසනෙ
සීලාදි සඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
සීලාදි සඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
යථාභූතං අජානන්තා සුද්ධිකාමාපි යෙ ඉධ
විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
තෙසං පාමොජ්ජකරණං සුවිසුද්ධ විනිච්ඡයං
මහාවිහාරවාසීනං දෙසනානයනිස්සිතං
මහාවිහාරවාසීනං දෙසනානයනිස්සිතං
විසුද්ධිමග්ගං භාසිස්සං තං මෙ සක්කච්ච භාසතො
විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො”
විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො”
යනුවෙන් යමක් කීවමෝද, එය ප්රකාශ කරන ලද්දේ වේ,
තෙසං සීලාදිභෙදානං අත්ථානං යො විනිච්ඡයො
පඤ්චන්නම්පි නිකායානං වුත්තො අට්ඨකථානයෙ
පඤ්චන්නම්පි නිකායානං වුත්තො අට්ඨකථානයෙ