නිගමනය
මෙතෙකින්:-
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං”
ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං”
යන මේ ගාථාව මාතෘකා වශයෙන් තබා,
“ඉමිස්සාදානි ගාථාය කථිතාය මහෙසිනා
වණ්ණයන්තො යථාභූතං අත්ථං සීලාදිභෙදනං
වණ්ණයන්තො යථාභූතං අත්ථං සීලාදිභෙදනං
සුදුල්ලභං ලභිත්වාන පබ්බජ්ජං ජිනසාසනෙ
සීලාදි සඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
සීලාදි සඞ්ගහං ඛෙමං උජුං මග්ගං විසුද්ධියා
යථාභූතං අජානන්තා සුද්ධිකාමාපි යෙ ඉධ
විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
විසුද්ධිං නාධිගච්ඡන්ති වායමන්තාපි යොගිනො
තෙසං පාමොජ්ජකරණං සුවිසුද්ධ විනිච්ඡයං
මහාවිහාරවාසීනං දෙසනානයනිස්සිතං
මහාවිහාරවාසීනං දෙසනානයනිස්සිතං
විසුද්ධිමග්ගං භාසිස්සං තං මෙ සක්කච්ච භාසතො
විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො”
විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො”
යනුවෙන් යමක් කීවමෝද, එය ප්රකාශ කරන ලද්දේ වේ,
තෙසං සීලාදිභෙදානං අත්ථානං යො විනිච්ඡයො
පඤ්චන්නම්පි නිකායානං වුත්තො අට්ඨකථානයෙ
පඤ්චන්නම්පි නිකායානං වුත්තො අට්ඨකථානයෙ
සමාහරිත්වා තං සබ්බං යෙභුය්යෙන සනිච්ඡයො
සබ්බසංකර දොසෙහි මුත්තො යස්මා පකාසිතො
සබ්බසංකර දොසෙහි මුත්තො යස්මා පකාසිතො
තස්මා විසුද්ධිකාමෙහි සුද්ධපඤ්ඤෙහි යොගිහි
විසුද්ධිමග්ගෙ එතස්මිං කරණීයොව ආදරො
විසුද්ධිමග්ගෙ එතස්මිං කරණීයොව ආදරො
ශීලාදී භේද ඇති එම අර්ත්ථයන් පිළිබඳ යම් විනිශ්චයයක්, (අඞ්ගුත්තර ආදී) නිකාය පසටම අයත් අටුවානයෙහි කියන ලද්දේද,
ඒ සියල්ල පිඬුකොට, සියලු සංකර දොෂයන්ගෙන් මුදවා, බොහෝ සෙයින් නිශ්චය සහිතව, යම්හෙයකින් මෙහි ප්රකාශ කරන ලද්දේද,
එහෙයින්, විශුද්ධිකාමී, ශුද්ධ ප්රඥා ඇති යෝගීන් විසින් මේ ‘විසුද්ධිමග්ග’ නම් කෘතිය කෙරෙහි ආදර කළ යුතුය.
විභජ්ජවාදි සෙට්ඨානං ථෙරියානං යසස්සිනං
මහාවිහාර වාසීනං වංසජස්ස විභාවනො
මහාවිහාර වාසීනං වංසජස්ස විභාවනො
භදන්ත සඞ්ඝපාලස්ස සුචි සල්ලෙඛ වුත්තිනො
විනයාචාර යුත්තස්ස යුත්තස්ස පටිපත්ති යං
විනයාචාර යුත්තස්ස යුත්තස්ස පටිපත්ති යං
ඛන්ති සොරච්ච මෙත්තාදි ගුණ භූසිත චෙතසො
අජ්ඣෙසනං ගහෙත්වාව කරොන්තෙන ඉමං මයා
අජ්ඣෙසනං ගහෙත්වාව කරොන්තෙන ඉමං මයා
සද්ධම්මට්ඨිතිකාමෙන යො පත්තො පුඤ්ඤසඤ්චයො
තස්ස තෙජෙන සබ්බෙපි සුඛ මෙධෙන්තු පාණිනො
තස්ස තෙජෙන සබ්බෙපි සුඛ මෙධෙන්තු පාණිනො
ශ්රේෂ්ඨ විභජ්ජවාදී, ථේරවාදී, කීර්තිමත් මහාවිහාරවාසීන්ගේ වංශයෙහි පහළ වූ, මහාප්රාඥ වූ,
පිවිතුරු සැහැල්ලු පැවතුම් ඇති, විනයානුකූල ආචාරසමාචාරයෙන් යුත්, (ශාසනික) ප්රතිපත්තියෙහි යෙදුණු, ක්ෂාන්ති (ඉවසීම) සෞරත්ය (සුරත බව), මෛත්රී ආදී ගුණයෙන් සැරසුණ සිත් ඇති භදන්ත සංඝපාල ස්ථවිරයන්ගේ
ආරාධනය පිළිගෙන සද්ධර්මස්ථිතිය කැමැතිව, මෙම ග්රන්ථය රචනා කිරීමෙන් මා විසින් යම් පුණ්යසම්භාරයක් ලබා ගන්නා ලද්දේද, එහි තේජසින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
විසුද්ධිමග්ගො එසො ච, අන්තරායං විනා ඉධ
නිට්ඨිතො අට්ඨපඤ්ඤාස භාණවාරාය පාලියා
නිට්ඨිතො අට්ඨපඤ්ඤාස භාණවාරාය පාලියා
යථා තථෙව ලොකස්ස සබ්බෙ කල්යාණනිස්සිතා
අනන්තරායා සිජ්ඣන්තු සීඝසීඝං මනොරථා
අනන්තරායා සිජ්ඣන්තු සීඝසීඝං මනොරථා
තවද, මෙහි මේ ‘විසුද්ධිමග්ග’ නම් කෘතිය අන්තරායයෙන් තොරව, අටපණස් බණවරෙකින් යුක්ත කොට, පාලිභාෂාවෙන් ලියා නිම කරන ලදුයේ
යම්සේද, එසේම ලෝකයාගේ හිත සුව ඇසුරු කොට ඇති සියලු අපේක්ෂාවෝ අන්තරායෙකින් තොරව සමෘද්ධ වෙත්වා!
අතිපරිශුද්ධ ශ්රද්ධා-බුද්ධි-වීර්ය ගුණයෙන් ප්රතිමණ්ඩිතවූ, ශීල-ආචාර-ආර්ජව (සෘජු බව) මාර්දව (මෘදු බව) යන ගුණ සමුදායයෙන් වැඩී ගිය, ස්වසමය - සමයාන්තර ගහනය ඇලළීමෙහි සමත් වූ, ප්රඥාවෙන් හා ව්යක්තතාවෙන් සමන්විත වූ, අර්ත්ථකථා සහිත ත්රිපිටක පර්යාප්ති භේද ඇති ශාස්තෘ ශාසන විෂයයෙහි අප්රතිහත ඥාන ප්රභාව ඇති, මහා ව්යාකරණාචාර්ය වූ, ඉන්ද්රිය සම්පතින් හටගෙන සුවසේ නිකුත්වන මධුරෝදාර-වාග් ලාලිත්යයෙන් යුක්ත වූ, යථාර්ත්ථයෙන්ම ශ්රේෂ්ට වාගීශ්වරයෙකැ’යි කිව හැකි, මහාකවි වූ ෂඩභිඥා ප්රතිසම්භිදාදී අනේක ගුණයෙන් යුත් උත්තරීය මනුෂ්ය ධර්ම විෂයයෙහි අප්රතිහත බුද්ධි ඇති, ථේරවාද වංශයට ප්රදීපායමාන මහාවිහාරවාසී මහා ස්ථවිරයන්ගේ වංශයට අලංකාර වූ, විපුල විශුද්ධ බුද්ධි ඇති ‘බුද්ධඝෝෂ’ යන ගුරුන්ගෙන් ලත් නාමධේය ඇති, මෝරණ්ඩඛේටක නම් ගමෙහි විසිය යුතු (එනම් ගමෙහි උපන්) තෙරුන් විසින් රචනා කරන ලද ‘විසුද්ධි මග්ග’ නම් කෘතිය,
තාවතිට්ඨතු ලොකස්මිං ලොකනිත්ථරණෙසිනං
දස්සෙන්තො කුලපුත්තානං නයං සීල විසුද්ධියා
දස්සෙන්තො කුලපුත්තානං නයං සීල විසුද්ධියා
යාව බුද්ධො’ති නාමම්පි සුද්ධචිත්තස්ස තාදිනො
ලොකම්හි ලොකජෙට්ඨස්ස පවත්තති මහෙසිනො
ලොකම්හි ලොකජෙට්ඨස්ස පවත්තති මහෙසිනො
පිරිසුදු සිත් ඇති, තාදී ගුණයෙන් යුත්, ලෝකජ්යොෂ්ඨ වූ මහර්ෂීන් වහන්සේගේ ‘බුද්ධ’ යන නාමය හෝ යම්තාක් ලොව පවතීද, ඒ තාක් ලෝකය (සසර) තරණය කරනු කැමැති කුල-පුත්රයනට ශීලාදි - විශුද්ධනය දක්වමින් ලොව පවතීවා!
[missing trans]
විශුද්ධි මාර්ගය නිමියේයි.
(පරිවර්තක සටහන)
යං සිද්ධං ඉමිනා පුඤ්ඤං යං චඤ්ඤං පසූතං මයා
එතෙන පුඤ්ඤකම්මෙන දුතියෙ අත්තසම්භවෙ
තාවතිංසෙ පමොදෙන්තො සීලාචාරගුණෙ රතො
අලග්ගො පඤ්චකාමෙසු පත්වාන පඨමං ඵලං
අන්තිමෙ අත්තභාවම්හි මෙත්තෙය්ය මුනිපුඞ්ගවං
ලොකග්ගපුග්ගලං නාථං සබ්බසත්තහිතෙ රතං
දිස්වාන තස්ස ධීරස්ස සුත්වා සද්ධම්මදෙසනං
අධිගනත්වා ඵලං අග්ගං සොභෙය්යං ජිනසාසන’නති.
යං සිද්ධං ඉමිනා පුඤ්ඤං යං චඤ්ඤං පසූතං මයා
එතෙන පුඤ්ඤකම්මෙන දුතියෙ අත්තසම්භවෙ
තාවතිංසෙ පමොදෙන්තො සීලාචාරගුණෙ රතො
අලග්ගො පඤ්චකාමෙසු පත්වාන පඨමං ඵලං
අන්තිමෙ අත්තභාවම්හි මෙත්තෙය්ය මුනිපුඞ්ගවං
ලොකග්ගපුග්ගලං නාථං සබ්බසත්තහිතෙ රතං
දිස්වාන තස්ස ධීරස්ස සුත්වා සද්ධම්මදෙසනං
අධිගනත්වා ඵලං අග්ගං සොභෙය්යං ජිනසාසන’නති.
මෙම ග්රන්ථකරණයෙන් මවිසින් යම් පිනක් සිද්ධ කරන ලද්දේද, තවද අනෙක් යම් පිනක් රැස් කරන ලද්දේද, ඒ පින් බලයෙන් දෙවන ආත්මභාවයෙහි තව්තිසා බවනෙහි ප්රමුදිත වනුයේ, ශීලාචාර ගුණයෙහි ඇලුණේ, පස්කම් සැපෙහි නො-ඇලුණේ, ප්රථම ඵලයට පත්ව, අන්තිම ආත්මභාවයෙහි ලෝකයට අග්රපුද්ගල වූද, නාථ වූද, සියලු සත්ත්වයන් වෙත හිත වැඩෙහි නිරත වූ, මෛත්රෙය මුනිශ්රේෂ්ඨයන් වහන්සේ දැක, ධීරගුණ සම්පන්න වූ උන්වහන්සේගේ සදහම් දෙසුම් අසා, අග්රඵලයට පැමිණ බුදුසසුන හොබවම්වා!