9. 2. 5. 2.
ඣානසමාපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිඥාය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩිය යුතු වෙත්. කවර නව කෙනෙක යත්: පඨමජ්ඣාන ය, දුතියජ්ඣාන ය, තතියජ්ඣාන ය, චතුත්‍ථජ්ඣාන ය, ආකාසානඤ්චායතන ය, විඤ්ඤාණඤ්චායතන ය, ආකිඤ්චඤ්ඤායතන ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ය, සඤ්ඤාවේදයිත නිරෝධ යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නවදහම්හු වැඩිය යුතු වෙත් යි.
9. 2. 5. 3-18.
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂයය පිණිස … ව්‍යයය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩියයුතු වෙත්.
9. 2. 5. 19-340.
[සැවැත්නිදාන යි]
දෝසයාගේ … මෝහයාගේ … කෝධයාගේ … උපනාහයාගේ … මක්ඛයාගේ … පලාසයාගේ … ඉස්සාවගේ … මච්ඡරියයාගේ … මායාවගේ … සාඨෙය්‍යයාගේ … ථම්භයාගේ … සාරම්භයාගේ … මානයාගේ … අතිමානයාගේ … මදයාගේ … පමාදයාගේ … අභිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස … ව්‍යය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩිය යුතු වෙති යී, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇත් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
පස්වැනි රාගාදිපෙය්‍යාලය නිමියේ ය.
නවකනිපාතය සමාප්ත යි.