9. 2. 3. 1.
සික්ඛාදුබ්බල්‍යසම්මප්පධාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සික්ඛා දුබ්බල්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන ය, මහණෙනි, මේ පඤ්ච සික්ඛාදුබ්බල්‍ය යි.
මහණෙනි, මේ පඤ්ච ශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස, සතර සම්මප්පධාන වැඩිය යුතු යි. කවර සතරෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ නො උපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. නූපන් කුසල් දහමුන්ගේ උපත පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි මේ පඤ්චශික්‍ෂා දෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක්ප්‍රධාන වැඩිය යුතු යි.
9. 2. 3. 2-9.
[සැවැත්නිදාන යි]
(ද්විතීය සූත්‍රයෙහි පටන් නවම සූත්‍රය තෙක් සතිපට්ඨානවර්‍ගයෙහි යම් පරිදි වේ නම් ඒ පරිදි සම්මප්පධාන විසින් විස්තර කටයුතු)
9. 2. 3. 10.
විනිබන්‍ධ සම්මප්පධාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වෙයි … මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්‍ධ යි.
මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස සතර සම්‍යක් ප්‍රධාන වැඩිය යුතු. කවර සතරෙක යත්:
නූපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. නො උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස නූපන් කුසල් දහමුන්ගේ ඉපදීම පිණිස … උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි, මේ පඤ්චචෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක් ප්‍රධාන වැඩිය යුතු යි.
තෙවැනි සම්මප්පධානවර්‍ග යි.