9. 2. 2. 7.
මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ මච්ඡරියයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
ආවාසමච්ඡරිය, කුලමච්ඡරිය, ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරි ය යී. මහණෙනි, මේ පඤ්චමච්ඡරිය යි.
මහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
9. 2. 2. 8.
උද්ධම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
රූපරාග ය, අරූපරාග ය, මාන ය, උද්ධච්ච ය, අවිජ්ජා යි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන යි.
මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.
9. 2. 2. 9.
චේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චේතෝඛිලයෝ (චිත්තයාගේ ස්තබ්ධභාවයෝ) පස්දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. අධිමෝක්‍ෂ (ඇලීම) නො කරයි, නො පහදියි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරන්නේ ද, විචිකිච්ඡා කරන්නේ ද, අධිමෝක්‍ෂ නොකරන්නේ ද, නො පහදනේ ද, ඔහු සිත ආතාපය (වීර්‍ය්‍යය) පිණිස අනුයෝගය (යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පළමු චේතෝඛිල යි.
තවද මහණෙනි, මහණ ධර්‍මයෙහි ශඞ්කා කෙරෙයි … සඞ්ඝයා කෙරෙහි ශඞ්කා කෙරෙයි … ශික්‍ෂාව කෙරෙහි ශඞ්කා කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිල ජාත වෙයි. (කණුවක් මෙන් තදගති ඇතියේ වෙයි.) මහණෙනි, යම් ම මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිලජාත වේ නම් ඔහු සිත ආතාපය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) පිණිස අනුයෝග (පුනපුනා යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පස්වන චේතෝඛිල යි. මහණෙනි, මේ පඤ්ච චේතෝඛිල යි.
මහණෙනි, මේ පඤ්ච චේතෝඛිලයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.