9. 2. 2. 5.
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ඕරම්භාගියසංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
සක්කායදිට්ඨිය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, කාමච්ඡන්ද ය, ව්යාපාදය දැයි, මහණෙනි, මොහු පඤ්චෝරම්භාගියසංයෝජන යි.
මහණෙනි, මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.
9. 2. 2. 6.
ගති සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ගති පසෙක, කවර පසෙක යත්:
නිරය, තිරච්ඡානයෝනි ය, පෙත්තිවිසය ය, මනුස්සයහ, දේවයහ යි. මහණෙනි, මේ පස්ගතිහු යි.
මහණෙනි, මේ පඤ්චගතීන්ගේ ප්රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
9. 2. 2. 7.
මච්ඡරිය සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ මච්ඡරියයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
ආවාසමච්ඡරිය, කුලමච්ඡරිය, ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරි ය යී. මහණෙනි, මේ පඤ්චමච්ඡරිය යි.
මහණෙනි, මේ පඤ්චමාත්සර්ය්යයන්ගේ ප්රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.
9. 2. 2. 8.
උද්ධම්භාගිය සතිපට්ඨාන සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
රූපරාග ය, අරූපරාග ය, මාන ය, උද්ධච්ච ය, අවිජ්ජා යි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන යි.
මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.