6. 2. 16.
[තපුස්ස සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්ම සයෙකින් සමන්වාගත තපුස්ස (ද්වේවාචික උපාසක) ගහපති තථාගතයන් වහන්සේ කෙරෙහි නිෂ්ඨඞ්ගත (බුදුගුණෙහි නිසැක) වූයේ පහන් සිතැත්තේ අමෘත (නිර්වාණ) දර්ශන ඇතියේ අමෘතය ප්රත්යක්ෂ කොට වෙසෙයි. කවර සයෙකින යත්:
බුදුන් කෙරෙහි අවෙත්යප්රසාදයෙන් (ගුණ දැන පැහැදීමෙන්), (නවලෝකොත්තර) ධර්මයෙහි අවෙත්යප්රසාදයෙන්, අෂ්ටාර්ය්යපුද්ගලසඞ්ඝයා කෙරෙහි අවෙත්යප්රසාදයෙන්, ආර්ය්යශීලයෙන්, ආර්ය්ය (ප්රත්යවේක්ෂා) ඥානයෙන්, ආර්ය්ය (ශෛක්ෂඵල) විමුක්තියෙන් යන සයෙනි.
මහණෙනි, මෙ ධර්ම සයෙන් සමන්වාගත තපුස්සගහපති තථාගතයන් කෙරෙහි නිෂ්ඨාගත වූයේ අමෘත දර්ශන ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ යයි.
6. 2. 17-36.
[භල්ලිකාදිවිංශති සූත්ර]
[සැවැත්නිදාන යි]
17-36. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත භල්ලික (ද්වේවාචික) ගෘහපති ... අනාථපිණ්ඩික සුදත්ත ගෘහපති ... මච්ඡිකාසණ්ඩිකචිත්ත ගෘහපති ... හත්ථක ආළවක ... මහානාම ශාක්ය ... වෛශාලික උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූරඅම්බට්ඨ ... ජීවකකෝමාරභච්ච ... නකුලපිතු ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජීයමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක ... තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ අමෘතදර්ශන ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ ය යි. කවර සයෙකින යත්:
බුදුන් කෙරෙහි අවේත්යප්රසාදයෙන, ධර්මය කෙරෙහි අවේත්ය ප්රසාදයෙන, සඞ්ඝයා කෙරෙහි අවේත්යප්රසාදයෙන, ආර්ය්යශීලයෙන, ආර්ය්යඥානයෙන, ආර්ය්යවිමුක්තියෙනැයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත සාරග්ග උපාසක තථාගතයන් කෙරෙහි සැදැහැයෙන් නිෂ්ඨාවට ගියේ දුටු නිවන් ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ යයි.
සාමඤ්ඤ වර්ගය.
ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්යාල සූත්ර
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
දර්ශනානුත්තරිය යැ, ශ්රවණානුත්තරිය යැ, ලාභානුත්තරිය යැ, ශික්ෂානූත්තරිය යැ, පරිචර්ය්යානුත්තරිය යැ, අනුස්මෘත්යානුත්තරිය යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු ය. කවර සයෙක යත්:
බුද්ධානුස්මෘති යැ, ධර්මානුස්මෘති යැ, සඞ්ඝානුස්මෘති යැ, ශීලානුස්මෘති යැ, ත්යාගානුස්මෘති යැ, දේවතානුස්මෘති ය යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩියයුතු යයි.
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා කරුණු සයෙක් වැඩිය යුතු යි. කවර සයෙක යත්:
අනිත්යසංඥා යැ, අනිත්යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්රහාණ සංඥා යැ, විරාගසංඥා යැ, නිරෝධ සංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
[සැවැත්නිදාන යි]
4-30. මහණෙනි, රාගයාගේ පරිඥානය සඳහා ... පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා ... ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා ... ප්රතිනිඃසර්ගය සඳහා මේ කරුණු සය වැඩිය යුතු ය.
31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාන යැ සදහමෙක් වැඩියයුතු යැ ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥානය සඳහා ... පරික්ෂය සඳහා ... ප්රහාණය සඳහා ... ක්ෂය සඳහා ... ව්යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්යාගය සඳහා ... ප්රතිනිඃසර්ගය සඳහා මෙ සදහම් වැඩිය යුතු ය යි.
61-90. මහණෙනි, මෝහයාගේ ...
91-120. මහණෙනි, ක්රෝධයාගේ ...
121-150. මහණෙනි, උපනාහයාගේ ...
151-180. මහණෙනි, මක්ඛයාගේ ...