6. 2. 1.
[කායානුපස්සී සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු සයක් නො පහා කයෙහි කායානුදර්ශී ව (කය පිළිකුල් ආදීන් බලමින්) වාස කරන්නට අභව්ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉඳුරන්හි පියූ දොර නැතිබව ය, භෝජනයෙහි පමණ නොදන්නා බව යි.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා කයෙහි කායානුදර්ශී ව වසන්නට අභ්යව්ය වේ ය යි.
මහණෙනි, කරුණු සයක් දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්ද්රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්රඥතා යි.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්ය වේ යයි.
6. 2. 2-15.
[අජ්ඣත්තකායානුපස්සී ආදී සූත්ර පසළොස]
[සැවැත්නිදාන යි]
2-15. මහණෙනි, කරුණු සයක් දුරු නො කොට අධ්යාත්මකායයෙහි කායානුදර්ශී ව වසන්නට … බාහිරකායයෙහි … අධ්යාත්මබාහිරකායයෙහි … වේදනාවන්හි … අධ්යාත්මවේදනාවන්හි … බාහිරවේදනාවන්හි … අධ්යාත්මබාහිරවේදනාවන්හි … චිත්තයෙහි … අධ්යාත්මචිත්තයෙහි ... බාහිරචිත්තයෙහි … අධ්යාත්මබාහිරචිත්තයෙහි … ධර්මයන්හි … අධ්යාත්මධර්මයන්හි … බාහිරධර්මයන්හි … අධ්යාත්මබාහිරධර්මයන්හි ධර්මානුදර්ශී ව වසන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්ද්රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්රඥතා යි.
මහණෙනි, මෙ දහම් සය දුරු කොට අධ්යාත්මබාහිරධර්මයන්හි ධර්මානුදර්ශී ව වසන්නට භව්ය වේ යයි.
6. 2. 16.
[තපුස්ස සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්ම සයෙකින් සමන්වාගත තපුස්ස (ද්වේවාචික උපාසක) ගහපති තථාගතයන් වහන්සේ කෙරෙහි නිෂ්ඨඞ්ගත (බුදුගුණෙහි නිසැක) වූයේ පහන් සිතැත්තේ අමෘත (නිර්වාණ) දර්ශන ඇතියේ අමෘතය ප්රත්යක්ෂ කොට වෙසෙයි. කවර සයෙකින යත්:
බුදුන් කෙරෙහි අවෙත්යප්රසාදයෙන් (ගුණ දැන පැහැදීමෙන්), (නවලෝකොත්තර) ධර්මයෙහි අවෙත්යප්රසාදයෙන්, අෂ්ටාර්ය්යපුද්ගලසඞ්ඝයා කෙරෙහි අවෙත්යප්රසාදයෙන්, ආර්ය්යශීලයෙන්, ආර්ය්ය (ප්රත්යවේක්ෂා) ඥානයෙන්, ආර්ය්ය (ශෛක්ෂඵල) විමුක්තියෙන් යන සයෙනි.
මහණෙනි, මෙ ධර්ම සයෙන් සමන්වාගත තපුස්සගහපති තථාගතයන් කෙරෙහි නිෂ්ඨාගත වූයේ අමෘත දර්ශන ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ යයි.
6. 2. 17-36.
[භල්ලිකාදිවිංශති සූත්ර]
[සැවැත්නිදාන යි]
17-36. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත භල්ලික (ද්වේවාචික) ගෘහපති ... අනාථපිණ්ඩික සුදත්ත ගෘහපති ... මච්ඡිකාසණ්ඩිකචිත්ත ගෘහපති ... හත්ථක ආළවක ... මහානාම ශාක්ය ... වෛශාලික උග්ග ගෘහපති ... උග්ගත ගෘහපති ... සූරඅම්බට්ඨ ... ජීවකකෝමාරභච්ච ... නකුලපිතු ගෘහපති ... තවකණ්ණික ගෘහපති ... පූරණ ගෘහපති ... ඉසිදත්ත ගෘහපති ... සන්ධාන ගෘහපති ... විජය ගෘහපති ... වජ්ජීයමහිත ගෘහපති ... මෙණ්ඩක ගෘහපති ... වාසෙට්ඨ උපාසක ... අරිට්ඨ උපාසක ... සාරග්ග උපාසක ... තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ අමෘතදර්ශන ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ ය යි. කවර සයෙකින යත්:
බුදුන් කෙරෙහි අවේත්යප්රසාදයෙන, ධර්මය කෙරෙහි අවේත්ය ප්රසාදයෙන, සඞ්ඝයා කෙරෙහි අවේත්යප්රසාදයෙන, ආර්ය්යශීලයෙන, ආර්ය්යඥානයෙන, ආර්ය්යවිමුක්තියෙනැයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත සාරග්ග උපාසක තථාගතයන් කෙරෙහි සැදැහැයෙන් නිෂ්ඨාවට ගියේ දුටු නිවන් ඇතියේ අමෘතය සාක්ෂාත් කොට වෙසේ යයි.
සාමඤ්ඤ වර්ගය.