6. 1. 2.
[දුච්චරිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
කායදුශ්චරිත ය, වචීදුශ්චරිත ය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මොහු තුන්ධර්‍මයෝ යි.
මහණෙනි, මෙ ත්‍රිවිධ ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තිදෙනෙක යත්:
මහණෙනි, කායදුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා කායසුචරිතය වැඩිය යුතු යැ, වාග්දුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා වාක්සුචරිතය වැඩිය යුතු යැ, මනෝදුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා මනෝසුචරිතය වැඩිය යුතු යි.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් ධර්‍මයෝ වැඩිය යුතු වෙත් යයි.
6. 1. 3.
[විතක්ක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, මෙ දහම්හු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
කාමවිතර්‍කය හා ව්‍යාපාදවිතර්‍කය හා විහිංසාවිතර්‍කය යි. මහණෙනි, මොහු තුන් ධර්‍මයෝ ය.
මහණෙනි, මේ තුන් දහම් පැහීමට තුන් දහමෙක් වැඩිය යුතුය. කවර තුණෙක යත්:
කාමවිතර්‍කයාගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය වැඩියයුතු, ව්‍යාපාද විතර්‍කයාගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදවිතර්‍කය වැඩිය යුතු, විහිංසාවිතර්‍කයාගේ ප්‍රහාණය සඳහා අවිහිංසාවිතර්‍කය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ ත්‍රිවිධ ධර්‍ම ප්‍රහීණ කිරීමට මෙ ධර්‍මත්‍රය වැඩිය යුතු යයි.
6. 1. 4.
[සඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
කාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ තුන් දහම් ප්‍රහීණ කිරීම සඳහා ධර්‍ම තුණෙක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
කාමසංඥාවගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍යසංඥා වැඩිය යුතු, ව්‍යාපාදසංඥාවගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාද සංඥා වැඩිය යුතු, විහිංසාසංඥාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාසංඥාව වැඩිය යුතු යි.
මහණෙනි, මෙ ධර්‍මයන් තුන්දෙනා ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම් වැඩියයුතු යයි.
6. 1. 5.
[ධාතු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
කාමධාතු හා ව්‍යාපාදධාතු හා විහිංසාධාතු යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙන යි.
මහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩිය යුතු ය. කවර තිදෙනෙක යත්:
කාමධාතුහුගේ ප්‍රහාණය සඳහා නෙක්ඛම්මධාතුව වැඩියයුතු යැ, ව්‍යාපාදධාතුහුගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදධාතුව වැඩිය යුතු යැ, විහිංසාධාතුහුගේ ප්‍රහාණය සඳහා අවිහිංසාධාතුව වැඩිය යුතුයි.
මහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.