6. 1. 10.
[උද්ධච්ච සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
උද්ධච්චය හා අසංවරය හා පමාද යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
මහණෙනි, මෙ තුන් දහම් දුරු කරණු සඳහා දහම් තුණෙක් වැඩිය යුතු ය. කවර තුණෙක යත්:
උද්ධච්චයාගේ ප්‍රහාණය පිණිස සමථය වැඩිය යුතු. අසංවරයාගේ ප්‍රහාණය සඳහා සංවරය වැඩිය යුතු. ප්‍රමාදයාගේ ප්‍රහාණය පිණිස අප්‍රමාදය වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන්දහම් ප්‍රහීණ කරණු සඳහා මෙ ධර්‍ම තුණ වැඩිය යුතු යයි.
තික වර්‍ගය.
එහි උද්දානය:
රාග සූත්‍රය, දුච්චරිත සූත්‍රය, විතක්ක සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, ධාතු සූත්‍රය, අස්සාද සූත්‍රය, අරති සූත්‍රය, අසන්තුට්ඨිතා සූත්‍රය, දෝවචස්ස සූත්‍රය, උද්ධච්ච සූත්‍රය දැයි දසයෙකි.
2. සාමඤ්ඤ වර්‍ගය
6. 2. 1.
[කායානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු සයක් නො පහා කයෙහි කායානුදර්ශී ව (කය පිළිකුල් ආදීන් බලමින්) වාස කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉඳුරන්හි පියූ දොර නැතිබව ය, භෝජනයෙහි පමණ නොදන්නා බව යි.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා කයෙහි කායානුදර්ශී ව වසන්නට අභ්‍යව්‍ය වේ ය යි.
මහණෙනි, කරුණු සයක් දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.
6. 2. 2-15.
[අජ්ඣත්තකායානුපස්සී ආදී සූත්‍ර පසළොස]
[සැවැත්නිදාන යි]
2-15. මහණෙනි, කරුණු සයක් දුරු නො කොට අධ්‍යාත්මකායයෙහි කායානුදර්ශී ව වසන්නට … බාහිරකායයෙහි … අධ්‍යාත්මබාහිරකායයෙහි … වේදනාවන්හි … අධ්‍යාත්මවේදනාවන්හි … බාහිරවේදනාවන්හි … අධ්‍යාත්මබාහිරවේදනාවන්හි … චිත්තයෙහි … අධ්‍යාත්මචිත්තයෙහි ... බාහිරචිත්තයෙහි … අධ්‍යාත්මබාහිරචිත්තයෙහි … ධර්‍මයන්හි … අධ්‍යාත්මධර්‍මයන්හි … බාහිරධර්‍මයන්හි … අධ්‍යාත්මබාහිරධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
මහණෙනි, මෙ දහම් සය දුරු කොට අධ්‍යාත්මබාහිරධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.