6. 2. 5. 11.
[තණ්හා සූත්රය]
[සැවැත්නිදාන යි]
52. මහණෙනි, මෙ තෘෂ්ණාවෝ තිදෙනෙක් ද මානයෝ තිදෙනෙක් ද ප්රහාතව්ය වෙත්.
කවර තෘෂ්ණාවෝ තිදෙනෙක් ප්රහාතව්යයෝ වෙති යත්:
කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. මෙ තුන්තෘෂ්ණාවෝ පැහිය යුතු වෙත්.
කවර මානයෝ තිදෙනෙක් ප්රහාතව්ය වෙති යත්:
මාන ය, අවමාන ය, අතිමාන යි. මෙ තුන් මානයෝ ප්රහාතව්ය වෙත්.
මහණෙනි, යම් කලෙක භික්ෂූහුගේ මෙ තෘෂ්ණාවෝ තුන්දෙන ප්රහීණ වෙත් ද, මෙ මානයෝ තුන්දෙන ප්රහීණ වෙත් ද, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණාව සිඳලී ය, සංයෝජන උපුළේ ය, මනා කොට මානාභිසමයෙන් (අර්හත්ත්වාවබෝධයෙන්) වෘත්තදුඃඛය කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
ආනිසංසවර්ගය පස්වැනි යි.
එහි උද්දානය:
පාතුභාව සූත්රය, ආනිසංස සූත්රය, අනිච්ච සූත්රය, දුක්ඛ සූත්රය, අනත්ත සූත්රය, නිබ්බාන සූත්රය, අනවත්ථිත සූත්රය, උක්ඛිත්තාසික සූත්රය, අතම්මය සූත්රය, භව සූත්රය, තණ්හා සූත්රය දැයි එකොළොසෙකි.
දෙවන පණ්ණාසයක නිමි.
පණ්ණාසකාතිරෙක වග්ගා
1. තික වර්ගය
6. 1. 1.
[රාග සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මෙ ධර්මයෝ තිදෙනෙකි, කවර තිදෙනෙක යත්:
රාගය හා ද්වේෂය හා මෝහය හා යි. මහණෙනි, මෙ ධර්මයෝ තිදෙන යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්රහාණය සඳහා ධර්මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තුන් දෙනෙක යත්:
රාගයාගේ ප්රහාණය පිණිස අශුභය වැඩියයුතු යැ, ද්වේෂයාගේ ප්රහාණය පිණිස මෛත්රිය වැඩිය යුතුයැ, මෝහයාගේ ප්රහාණය පිණිස ප්රඥාව වැඩිය යුතු යි.
මහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්රහාණය පිණිස මෙතුන් දහම් වැඩිය යුතු යි.
6. 1. 2.
[දුච්චරිත සූත්රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, මෙ ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
කායදුශ්චරිත ය, වචීදුශ්චරිත ය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මොහු තුන්ධර්මයෝ යි.
මහණෙනි, මෙ ත්රිවිධ ධර්මයන්ගේ ප්රහාණය සඳහා ධර්මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තිදෙනෙක යත්:
මහණෙනි, කායදුශ්චරිතයාගේ ප්රහාණය සඳහා කායසුචරිතය වැඩිය යුතු යැ, වාග්දුශ්චරිතයාගේ ප්රහාණය සඳහා වාක්සුචරිතය වැඩිය යුතු යැ, මනෝදුශ්චරිතයාගේ ප්රහාණය සඳහා මනෝසුචරිතය වැඩිය යුතු යි.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ ප්රහාණය සඳහා මෙ තුන් ධර්මයෝ වැඩිය යුතු වෙත් යයි.
6. 1. 3.
[විතක්ක සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, මෙ දහම්හු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
කාමවිතර්කය හා ව්යාපාදවිතර්කය හා විහිංසාවිතර්කය යි. මහණෙනි, මොහු තුන් ධර්මයෝ ය.