6. 2. 4. 11.
[චතුත්ථ අභබ්බට්ඨාන සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මෙ අභව්යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙම ස්වයංකෘත (තමා විසින් කරණ ලදැයි ආත්මවාදීන් කියන) සුඛදුඃඛ (නිත්ය ශුභ ආත්ම විසින් පිළිගන්නට අභව්ය වෙයි). දෘෂ්ටිසම්පන්න පුද්ගල පරකෘත (පරා විසින් කරණ ලදැයි කියන) සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල ස්වයංකෘත වූත් පරකෘත වූත් සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ අධීත්යසමුත්පන්න (හේතු රහිතව උපන්) සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අපරංකාර වූ අධීත්යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ ද අපරංකාර වූ ද අධීත්යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්ය වෙයි.
එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ දෘෂ්ටිසම්පන්න පුද්ගලයා විසින් හේතුව ද හේතුසමුත්පන්න ධර්මයෝ ද මොනොවට දක්නා ලද්දාහු ද, එහෙයිනි.
මහණෙනි, මෙ අභව්යස්ථාන සය යි.
සීතිවර්ගය සතර වැනි යි.
එහි උද්දානය:
සීතිභාව සූත්රය, ආවරණ සූත්රය, වෝරෝපිත සූත්රය, සුස්සූසති සූත්රය, අප්පහාය සූත්රය, පහීණ සූත්රය, අභබ්බ සූත්රය, පඨම, දුතිය, තතිය, චතුත්ථ අභබ්බට්ඨාන සූත්රයෝ දැයි සූත්ර එකොළොසෙකි.
5. ආනිසංස වර්ගය
6. 2. 5. 1.
[පාතුභාව සූත්රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, සදෙනකුන්ගේ පාළවීම ලොව්හි දුර්ලභ වෙයි. කවර සදෙනකුන්ගේ ය යත්:
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලොව්හි දුර්ලභ වෙයි, තථාගතප්රවිදිත ධර්ම විනය දෙසන පුද්ගල ලොව්හි දුර්ලභ වෙයි, ආර්ය්යායතනයෙහි (මධ්යමදේශයෙහි) ඉපැත්ම ලොව්හි දුර්ලභ වෙයි, ලොව්හි ඉන්ද්රියයන්ගේ අවිකලභාවය දුර්ලභ වෙයි, ලොව්හි අජඩතා හා අනෙලමූගත්ව දුර්ලභ වෙයි, ලොව්හි කුශලධර්මච්ඡන්දය දුර්ලභ වෙයි.
මහණෙනි, මෙ සදෙනාගේ පාළවීම දුර්ලභ වෙයි.
6. 2. 5. 2.
[ආනිසංස සූත්රය]
[සැවැත්නිදාන යි]
43. මහණෙනි, ස්රෝතාපත්තිඵල සාක්ෂාත් ක්රියායෙහි මෙ අනුසස් සයෙකි. කවර සයෙක යත්:
ශාසන සද්ධර්මයෙහි නියත වෙයි, නො පිරිහෙන සැහැවි ඇතියේ වෙයි, කෙළවර කරණලද කෙලෙස් පිළිබඳ දුක් (නැවත) නො වෙයි, (පුහුදුන් හා) අසාධාරණඥානයෙන් සමන්වාගත වෙයි, ඔහු විසින් හේතු ද මොනොවට දක්නාලදුයේ වේ, හේතු සමුත්පන්නධර්මයෝ ද මොනොවට දක්නාලදහ.
මහණෙනි, ස්රෝතාපත්තිඵල සාක්ෂාත් ක්රියායෙහි මෙ අනුසස් සය යි.
6. 2. 5. 3.
[අනිච්ච සූත්රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, එ මහණ කිසිදු සංස්කාරයන් නිත්යවශයෙන් බලන්නේ අනුලෝමක්ෂාන්තියෙන් සමන්වාගත වන්නේ ය’ යන තෙල කරුණ විද්යමාන නො වේ. අනුලෝමික ක්ෂාන්තියෙන් සමන්වාගත නො වූයේ සම්යක්ත්වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. සම්යක්ත්ව නියාමයට නො බස්නේ සෝවත්පල වේවයි සෙදගැමිපල වේවයි අනගැමිපල වේවයි රහත්පල වේවයි පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
මහණෙනි, එ මහණ එකැතින් සර්වසංස්කාරයන් අනිත්ය විසින් දක්නේ, අනුලෝමික ක්ෂාන්තියෙන් සමන්වාගත වන්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි, අනුලෝමික ක්ෂාන්තියෙන් සමන්වාගත වූයේ සම්යක්ත්ව නියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්යමාන වෙයි. සම්යක්ත්වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්හත්ඵලය හෝ පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන වේ ය යි.