3. අරහත්ත වර්ගය
6. 2. 3. 1.
[දුක්ඛ සූත්රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා සහිත, උපායාස සහිත, පරිදාහ සහිත දුකෙන් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
කාමවිතර්කයෙන, ව්යාපාදවිතර්කයෙන, විහිංසාවිතර්කයෙන, කාමසංඥායෙන, ව්යාපදාසංඥායෙන, විහිංසාසංඥායෙනැ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි විඝාත (උපද්රව) සහිත, උපායාස (දැඩි ආයාස) සහිත, පරිදාහ (කායික මානසික දැවිලි) සහිත දුඃඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි දුර්ගතිය කැමැති විය යුතු.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි සුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
නෛෂ්ක්රම්යවිතර්කයෙන, අව්යාපාදවිතර්කයෙන, අවිහිංසාවිතර්කයෙන, නෛෂ්ක්රම්යසංඥායෙන, අව්යාපාදසංඥායෙන, අවිහිංසාසංඥායෙනැ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වාසය කරයි. කාබුන් මරණින් මතුයෙහි සුගතිය කැමැති විය යුතු ය යි.
6. 2. 3. 2.
[අරහත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, කරුණු සයක් නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට අභව්ය වෙයි. කවර සයක යත්:
මාන ය (ජාති ආදීන් හඟින මානය), ඔමාන ය (මම හීනවෙමි යි යන මානය), අතිමාන ය (ඉතා උසස් මානය), අධිමානය (අනධිගතය අධිගතය යන මානය), ථම්භ (ක්රෝධ මාන දෙකින් තදබව) ය, අතිනිපාත ය (හීනයාටත් හීනවෙමි යන මාන) යි.
මහණෙනි, මෙ කරුණු සය නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට නො නිසි වේ.
මහණෙනි, ධර්ම සයක් ප්රහීණ කොට අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
මාන ය, ඔමාන ය, අතිමාන ය, අධිමාන ය, ථම්භ ය, අතිනිපාත ය යි.
මහණෙනි, මෙ ධර්ම සය ප්රහීණ කොට අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි.
6. 2. 3. 3.
[උත්තරිමනුස්සධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, ධර්ම සයක් ප්රහීණ නො කොට මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවය ගෙණදීමට සමත් ඥානදර්ශන විශේෂය පසක් කරන්නට අභව්ය වෙයි. කවර සයක යත්:
මුළාසිහි ඇති බව ය, විමසුම් නුවණ නැති බව ය, ඉඳුරන්හි නො පියූ දොර ඇති බව ය, බොජුන්හි පමණ නො දන්නා බව ය, කොහොන් වත් ය, (සිවුපස සඳහා අනුන් උස් හෝ පාත් හෝ කොට කරණ කථා නමැති) ලපනා යි.
missing trans
මහණෙනි, ධර්ම සයක් ප්රහීණ කොට උත්තරිමනුෂ්යධර්මයෙන් ආර්ය්යභාවකරණයට සමත් ඥානදර්ශනවිශේෂය පසක් කරන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
මුළාසිහි ඇති බව ය විමසුම් නුවණ නැති බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව ය භෝජනයෙහි පමණ නොදන්න බව ය කුහනා ය ලපනා යි.
මහණෙනි, මෙ දහම් සය පහා මිනිස්දමින් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමත් ඥානදර්ශන විශේෂය පසක් කිරීමට භව්ය වේ ය යි.
6. 2. 3. 4.
[සුඛසෝමනස්ස සූත්රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇති ව වෙසෙයි. ඔහු විසින් ආස්රවයන්ගේ ක්ෂය සඳහා කාරණය ද (පරිපූර්ණ කොට) අරඹන ලද වේ ය යි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්මාරාම (ධර්මයෙහි ඇලුනේ) වෙයි. භාවනාරාම (භාවනායෙහි ඇලුනේ) වෙයි. ප්රහාණාරාම (කෙලෙස් පහකිරී මෙහි ඇලුනේ) වෙයි. ප්රවිවේකාරාම (කායචිත්තඋපධි විවේකයෙහි ඇලුනේ) වෙයි. අව්යාපද්යාරාම වෙයි. නිෂ්ප්රපඤ්චාරාම (නිවනෙහි ඇලුනේ) වෙයි.
මහණෙනි, මෙ දම් සයෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුව සොම්නස් බිහිලි කොට වෙසෙයි. ආස්රවක්ෂය පිණිස කාරණය ද (පරිපූර්ණ කොට) අරඹන ලද වේ ය යි.
6. 2. 3. 5.
[අධිගම සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු සයෙකින් යුත් මහණ නො ලද අධිකුශල ධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ අභව්ය වෙයි. කවර සයෙකින යත්: