1. 9. 7.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අසන්තුෂ්ටිතා බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අසන්තුෂ්ටිතා මහත් අනර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 8.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, සන්තුෂ්ටිතා බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සන්තුෂ්ටිතා මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 9.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 10.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත් අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 11.
මහණෙනි, යම් ධර්මයෙක් මහත් අනර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, මෝහ සඞ්ඛයාත අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 12.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි සම්යක් ප්රඥාව වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්යක් ප්රඥාව මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 13.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, පාපමිත්රතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්රතාව මහත් අනර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 14.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නී නම්, මහණෙනි, කල්යාණමිත්රතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කල්යාණමිත්රතාව මහත් අර්ත්ථය පිණිස පවත්නී ය.
1. 9. 15.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අනර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම ද මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 16.
මහණෙනි, යම් ධර්මයෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශල ධර්මයන්හි නොයෙදීම ද මහත් අර්ත්ථය පිණිස පවත්නේ ය.
නවවන වග යි
10. ආධ්යාත්මික වර්ගය
[සැවැත්නිදාන යි]
1. 10. 1.
මහණෙනි, ‘ආධ්යාත්මික අඞ්ගය’ යි (තමා තුළ වැටෙන හේතුය යි) මෙසේ කොට ගෙණ, (පරාඞ්ගසඞ්ඛ්යතබාහිර හේතු හැරපියා බණත් මැ) යමෙක් මෙසේ මහත් වූ අනර්ත්ථය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්රමාදය බඳු අන් එක කාරණයකුදු නො දක්මි. මහණෙනි, ප්රමාදය මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 10. 2.
මහණෙනි, ‘ආධ්යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් වූ අර්ත්ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අප්රමාදය බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අප්රමාදය මහත් වූ අර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 10. 3.
මහණෙනි, ‘ආධ්යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්මයකුදු නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් වූ අනර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 10. 4.
මහණෙනි, ‘ආධ්යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්ය්යාරම්භය බඳු අන් එක ධර්මයකුදු නො දක්මි. මහණෙනි, වීර්ය්යාරම්භය මහත් අර්ත්ථය පිණිස පවත්නේය.