1. 9. 1.
මහණෙනි, යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 2.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය.
1. 9. 3.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුසීතබව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 4.
මහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 5.
මහණෙනි, යමක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, මහෙච්ඡතා වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 6.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අල්පේච්ඡතා වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතා මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 7.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අසන්තුෂ්ටිතා බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අසන්තුෂ්ටිතා මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 8.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, සන්තුෂ්ටිතා බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සන්තුෂ්ටිතා මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 9.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 10.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 11.
මහණෙනි, යම් ධර්‍මයෙක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, මෝහ සඞ්ඛයාත අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 12.
මහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි සම්‍යක් ප්‍රඥාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක් ප්‍රඥාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.