1. 8. 6.
මහණෙනි, යම් ඥාති පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්ර වූ පරිහාණි යෙකි. මහණෙනි, යම් ප්රඥාපරිහාණියෙක් වේ නම්, පිරිහීම් අතුරෙන් තෙල පිරිහීම නිකෘෂ්ට ය.
1. 8. 7.
මහණෙනි, යම් ඥාතිවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්ර වෘද්ධියෙක. මහණෙනි, යම් ප්රඥායෙන් වැඩීමෙක් වේ නම්, වෘද්ධීන් අතුරෙන් තෙල වෘද්ධිය අග්ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “ප්රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
1. 8. 8.
මහණෙනි, යම් භෝගපරිහාණියෙක් වේ නම්, මේ පරිහාණිය අල්ප මාත්ර වූවක. මහණෙනි, යම් ප්රඥාපරිහාණියෙක් වේ නම්, පරිහාණීන් අතුරෙන් තෙල පරිහාණිය නිකෘෂ්ට වෙයි.
1. 8. 9.
මහණෙනි, යම් භෝගවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්ර වෘද්ධියෙක. මහණෙනි, ප්රඥාවෘද්ධියෙක් වේ නම්, වෘද්ධීන් අතුරෙන් තෙල අග්ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහිලා “ප්රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
1. 8. 10.
මහණෙනි, යම් යශස් පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්ර පරිහාණියෙක. මහණෙනි, යම් ප්රඥාපරිහාණියෙක් වේ නම්, පරිහාණීන් අතුරෙන් තෙල නිකෘෂ්ට වෙයි.
1. 8. 11.
මහණෙනි, යම් යශෝවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්ර වෘද්ධියෙක. මහණෙනි, යම් ප්රඥාවෘද්ධියෙක් වේ නම්, එය වෘද්ධීන් අතුරෙන් අග්ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “ප්රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
අට වන වග යි.
9. ප්රමාද වර්ගය
[සැවැත්නිදාන යි]
1. 9. 1.
මහණෙනි, යමෙක් මෙසේ මහත් වූ අනර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, ප්රමාදය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්රමාදය මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ය.
1. 9. 2.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අප්රමාදය වැනි අන් එක ධර්මයකුදු නො දක්මි. මහණෙනි, අප්රමාදය මහත් අර්ත්ථය පිණිස පවත්නේය.
1. 9. 3.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්ත්ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුසීතබව වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් අනර්ත්ථය පිණිස පවත්නේ ය.