1. 7. 1.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, වීර්ය්යාරම්භය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, ඇරඹු වැර ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡපුද්ගලයාහට නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් නොසතුටු බව (ලෝභය) වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, ලද දැයින් නොසතුටු වන්නාහට නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් සතුටු බව (අලෝභය) බඳු අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, ලද දැයින් සතුටු වන්නාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 6.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 7.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, (මෝහ සඞ්ඛ්යාත) අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්මයකුදු මම නොදක්මි. මහණෙනි, සම්මූඪ පුද්ගලයාහට නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්යක්ප්රඥාව (තීරණප්රඥාව) වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්යක්ප්රඥායෙන් දක්නාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, පාප මිත්රතාව වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්රයන් ඇත්තහුට නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත්.
සත්වන වග යි.