1. 6. 7.
මහණෙනි, යම් කිසි ධර්ම කෙනෙක් කුශල වෙත් ද, කුශලභජනයෙහි, කුශලපක්ෂයෙහි වැටෙත් ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම කුශලධර්මයෝ උපදිත්.
1. 6. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ප්රමාදය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, පමා වූ පුඟුල්හට නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත්.
1. 6. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අප්රමාදය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, නොපමා පුඟුල්හට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශල ධර්මයෝ පිරිහෙත්.
1. 6. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුසීත බව වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතයාහට නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත්.
සවන වග යි
7. වීර්ය්යාරම්භ වර්ගය
1. 7. 1.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, වීර්ය්යාරම්භය වැනි අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, ඇරඹු වැර ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශල ධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡපුද්ගලයාහට නූපන්නා වූ ද අකුශල ධර්මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්මයෝ පිරිහෙත්.
1. 7. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්මයෝ පිරිහෙත්.