1. 5. 7.
මහණෙනි, යම් පරිදි යම්කිසි වෘක්ෂ කෙනෙක් වෙත් නම්, ඔවුනතුරෙන් මෘදුත්වයෙන් හා කර්මණ්යතායෙනු දු බුදුරුදමුනුගස අග්ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එපරිදි ම යමෙක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වේ නම්, කර්මණ්යත් වේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වෙයි. කර්මණ්යත් වෙයි.
1. 5. 8.
මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපිද නස්නා සුලු වේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත අත්යර්ත්ථයෙන් වහා පෙරළෙන සුලු වේ නම්, (එයට) උපමාවකුදු අතිශයදුෂ්කර වේ.
1. 5. 9.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ ය.
1. 5. 10.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
පස්වන වග යි
6. ප්රභාස්වර වර්ගය
1. 6. 1.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය. ශ්රැතරහිත පෘථග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්රැතවත් පෘථග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.
1. 6. 2.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින. එය ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී. එහෙයින් ‘ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.
1. 6. 3.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත සෙවුනේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ (ඊර්ය්යාපථවිහරණයෙන්) වෙසේය යි කියනු ලැබේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් (එහි ලා) කවර කථා ද?
1. 6. 4.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත වඩා නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
1. 6. 5.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත මෙනෙහි කෙරේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
1. 6. 6.
මහණෙනි, යම් ධර්ම කෙනෙක් අකුශල වෙත් ද, අකුශලභජනයෙහි, අකුශල පක්ෂයෙහි වැටෙත් ද, එහැම ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම අකුශලධර්මයෝ උපදිත්.
1. 6. 7.
මහණෙනි, යම් කිසි ධර්ම කෙනෙක් කුශල වෙත් ද, කුශලභජනයෙහි, කුශලපක්ෂයෙහි වැටෙත් ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම කුශලධර්මයෝ උපදිත්.