1. 3. 4.
මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 5.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ (විදර්‍ශනා මාර්‍ග ඵල නිර්‍වාණයන් අරමුණු කොට) පහළ නො වූයේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ නො වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 6.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ පහළ වූයේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු (විදර්‍ශනාදිය අරමුණු කොට) පහළ වූ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 7.
මහණෙනි, යමක් මෙසේ නොවඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නො වැඩු බහුල වශයෙන් පුරුදු නොකළ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 8.
මහණෙනි, යමක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම් (නුවණැසින්) නො දක්මි. මහණෙනි, වැඩු බහුල වශයෙන් කළ සිත මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 3. 9.
මහණෙනි, යමක් මෙසේ නොවැඩුයේ බහුල වශයෙන් නොකෙළේ දුක් එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොවැඩු බහුල වශයෙන් නොකළ සිත දුක් එළවන්නේ වෙයි.
1. 3. 10.
මහණෙනි, යමක් මෙසේ වැඩුයේ බහුල වශයෙන් කෙළේ සුව එළවන්නේ වේ නම්, සිත බඳු අන් එක ද ධර්‍මයක් මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, භාවිතය වූ බහුලීකෘත වූ සිත සුව එළවන්නේ වේ.
තෙවන වග යි.
4. අදන්ත වර්‍ගය
1. 4. 1.
මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත් බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, නොදැමුනු සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 2.
මහණෙනි, යමක් මෙසේ දැමුනේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, දැමුනු සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 3.
මහණෙනි, යමක් මෙසේ (සතිසංවරයෙන්) ගෝපනය නොකරණ ලද්දේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අගෝපිත වූ සිත මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 4. 4.
මහණෙනි, යමක් මෙසේ ගෝපනය කරණ ලද්දේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ගෝපිත වූ සිත මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.