1. 16. 7. 9-12.
මහණෙනි, එක් ම ධර්මයෙක් වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද (නාම - කරජ දෙකාය) සන්හිඳෙයි … සිත ද සන්සිඳෙයි ... විතර්ක විචාරයෝ ද සන්හිඳෙත් … සියලු විද්යාභාගීය ධර්මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්. කවර එක් ධර්මයෙක් වැඩු කල්හි යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද සන්හිඳෙයි. සිත ද සන්හිඳෙයි. විතර්කවිචාරයෝ ද සන්සිඳෙත්. සියලු විද්යාභාගීය ධර්මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
1. 16. 7. 13.
මහණෙනි, එක් ම ධර්මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන් අකුශලධර්මයෝ ද නූපදිත්. උපන් අකුශලධර්මයෝ ද ප්රහීණ වෙත්. කවර එක් ධර්මයක් වැඩු කල්හි යත්: කාගියාසීය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි නූපන්නා වූ ද අකුශලධර්මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්මයෝ ප්රහීණ වෙත්.
1. 16. 7. 14.
මහණෙනි, එක් ම ධර්මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන්නා වූ ද කුශලධර්මයෝ උපදිත්. උපන්නා වූ කුශලධර්මයෝ ද භූයස්ත්වය පිණිස විපුල බව පිණිස පවත්නාහ. කවර එක් ධර්මයක් වැඩු කල්හිය යත්: කාගියාසී (වැඩු කල්හි) යි. මහණෙනි, මේ එක් ධර්මය වැඩු කල්හි බහුල වශයෙන් කළකල්හි නූපන්නා වූ ද කුශලධර්මයෝ බොහෝ බව පිණිස විපුල බව පිණිස පවත්නාහ.
1. 16. 7. 15-19.
මහණෙනි, මේ එක්ම ධර්මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්යාව ප්රහීණ වේ … (අර්හත්වමාර්ගඥාන) විද්යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්රහීණ වෙත්. කවර එක් ධර්මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වැඩු කල්හි අවිද්යාව ප්රහීණ වේ. විද්යාව උපදනීය. අස්මිමානය ප්රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්රහීණ වෙත්.
1. 16. 7. 20-21.
මහණෙනි, එක් ම ධර්මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ප්රඥා ප්රභේදය පිණිස පවත්නේ ය … අනුපාදා පරිනිර්වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්මයෙක යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ප්රඥාප්රභේදය පිණිස පවත්නේ ය. අනුපාදා පරිනිර්වාණය පිණිස පවත්නේ ය.
1. 16. 7. 22-24.
මහණෙනි, එක් ම ධර්මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි අනේක (අටළොස්) ධාතූන්ගේ (ලක්ෂණ) ප්රතිවේධය වෙයි … (අටළොස්) ධාතූන්ගේ නානාභාවයෙන් (ලක්ෂණ) ප්රතිවේධය වේ … අනේක (අටළොස්) ධාතුන්ගේ ප්රතිසම්භිදා ඥානය වේ. කවර එක් ධර්මයක් වැඩුකල්හි යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි අනේක ධාතූන්ගේ ප්රතිවේධය වේ. නානාධාතූන්ගේ ප්රතිවේධය වේ. අනේක ධාතුන්ගේ ප්රතිසම්භිධා ඥානය වේ.
1. 16. 7. 25-28.
මහණෙනි, එක් ම ධර්මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ සෝවාන්පල පසක් කිරීම පිණිස පවත්නේ ය ... සෙදගැමිපල පසක් කිරීම පිණිස පවත්නේය ... අනගැමිපල පසක් කිරීම පිණිස පවත්නේ ය ... රහත්පල පසක් කිරීම පිණිස පවත්නේ ය. කවර එක් ධර්මයක යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්මය වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ සෝවන්පල පසක් කිරීම පිණිස පවත්නේ ය. සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතී. අනගැමිපල පසක් කිරීම පිණිස පවත්නේ ය. රහත්පල පසක් කිරීම පිණිස පවත්නේ ය.