1. 16. 6. 93-102.
… බුද්ධානුස්මෘතිය වඩා ද, ... ධර්‍මානුස්මෘතිය වඩා ද, ... සඞ්ඝානුස්මෘතිය වඩා ද, ... ශීලානුස්මෘතිය වඩා ද, ... ත්‍යාගානුස්මෘතිය වඩා ද, ... දේවතානුස්මෘතිය වඩා ද, ... ආනාපානස්මෘතිය වඩා ද, ... මරණස්මෘතිය වඩා ද, … කායගතාස්මෘතිය වඩා ද, ... උපශමානුස්මෘතිය වඩා ද, ...
1. 16. 6. 103-142.
... ප්‍රථමධ්‍යාන සහගත වූ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, … ස්මෘතින්‍ද්‍රිය ය වඩා ද, ... සමාධින්‍ද්‍රිය ය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රිය ය වඩා ද, … ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … ප්‍රඥාබලය වඩා ද, ... ද්වීතියධ්‍යානසහගත වූ, ... තෘතියධ්‍යානයසහගතවූ, ... චතුර්‍ත්‍ථධ්‍යානසහගත වූ, ... ප්‍රඥාබලය වඩා ද ...
1. 16. 6. 143-182.
... මෛත්‍රීසහගත වූ, ... කරුණාසහගත වූ, ... මෘදුසහගත වූ, ... උපේක්‍ෂාසහගත වූ, ... ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධීන‍්ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද, ... ශ්‍රද්ධාබලය වඩා ද, … වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද, ... මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇත්තේ ය යි කියනු ලැබේ. ශාස්තෘශාසනකර වූයේ, ඔවා පිළිගෙන කරන්නේ නො සිස් වූ රට්ඨපිණ්ඩය වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථාය.
සවන වග යි.
(අච්‍ඡරාසඞ්ඝාත වර්‍ගයෙහි පෙය්‍යාලමුඛයෙන් දක්වන ලද සූත්‍ර සඞ්ඛ්‍යාව එක්සිය දෙ අසුවකි?)
[7. කායගතාසති වර්‍ගය]
1. 16. 7. 1.
මහණෙනි, යම් කිසිවකු විසින් මහසමුදුර සිතින් පහස්නා ලද්දේ නම්, මහමුහුදට ගලා බස්නා යම් කිසි කුඩා නදීහු වෙත් ද, ඔහු එයට ඇතුළත් වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසිවකු විසින් කාගියාසී (කායගතාසතිය) වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ වේ ද, අෂ්ටවිද්‍යා භජනය කරණ යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම්, ඔහු එයට (කායගතාසතියට) ඇතුළත් වෙති.
1. 16. 7. 2-8.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ සංවේගය පිණිස පවත්නේය … මහත් වූ අර්‍ත්‍ථය (සතරමග) පිණිස පවත්නේය … මහත් වූ යෝගක්‍ෂේමය (සතර ශ්‍රාමණ්‍යඵල) පිණිස පවත්නේය ස්මෘතිය හා සම්‍යක්ප්‍රඥාව පිණිස පවත්නේය … ඥානදර්‍ශනප්‍රතිලාභය (දිවැස් නුවණ) පිණිස පවත්නේය. ඉහාත්මභාවසුඛ විහරණය පිණිස පවත්නේය. විද්‍යා - විමුක්තිඵල (මාර්‍ගප්‍රඥා - සම්ප්‍රයුක්තධර්‍ම - අර්‍හත්ඵල) ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිස පවත්නේය. කවර එක ම ධර්‍මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් සංවේගය පිණිස පවත්නේය … මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය ... මහත් යෝගක්‍ෂේමය පිණිස පවත්නේ ය ... ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව පිණිස පවත්නේය … ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නේය ... දෘෂ්ටධර්‍මසුඛ විහරණය පිණිස පවත්නේය ... විද්‍යා - විමුක්ති - ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නේය.
1. 16. 7. 9-12.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද (නාම - කරජ දෙකාය) සන්හිඳෙයි … සිත ද සන්සිඳෙයි ... විතර්‍ක විචාරයෝ ද සන්හිඳෙත් … සියලු විද්‍යාභාගීය ධර්‍මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්. කවර එක් ධර්‍මයෙක් වැඩු කල්හි යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද සන්හිඳෙයි. සිත ද සන්හිඳෙයි. විතර්‍කවිචාරයෝ ද සන්සිඳෙත්. සියලු විද්‍යාභාගීය ධර්‍මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
1. 16. 7. 13.
මහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන් අකුශලධර්‍මයෝ ද නූපදිත්. උපන් අකුශලධර්‍මයෝ ද ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හි යත්: කාගියාසීය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ ප්‍රහීණ වෙත්.
1. 16. 7. 14.
මහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ කුශලධර්‍මයෝ ද භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවත්නාහ. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී (වැඩු කල්හි) යි. මහණෙනි, මේ එක් ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළකල්හි නූපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුල බව පිණිස පවත්නාහ.