1. 16. 6. 46-53.
... එකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ (නිමිත්තරූපයන්) මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ වඩනා ලද සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පරිත්ත වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේ ය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ වඩනා ලද හෙයින් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ ද, .... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ නිල් වූ නිල්වන් වූ, අසම්භින්න නීලවර්‍ණ ඇති, නීලාවභාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ පීත (කසා) වූ පීතවර්‍ණ වූ අසම්භින්න පීතවර්‍ණ ඇති පීතාවහාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ රතු වූ රතුපැහැ ඇති නොමුසු රතු පැහැ ඇති රත්පැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ සුදු වූ සුදු පැහැ ඇති, නොමුසු සුදු පැහැ ඇති, සුදුපැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මැ’යි මෙබඳු සංඥා ඇත්තේ වේ ද ...
1. 16. 6. 54-61.
... (නීලකසිණාදි වශයෙන් උපන්) රූපධ්‍යාන ඇත්තේ (ධ්‍යානචක්‍ෂුසින්) රූපයන් දක්නේ ද, ... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බැහැරි රූ දක්නේ ද, ... ශුභයයි ම ගෙණ ඇලුනේ වේ ද, ... සර්‍වප්‍රකාරයෙන් රූපාවචරධ්‍යාන සංඥාවන් ඉක්මවීමෙන්, (දශවිධ) ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන්, (සිවුසාළිස් වැදෑරුම්) නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘ආකාශය අනන්තය’ යි ආකාශානන්ත්‍යාතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් ආකාශානන්ත්‍යාතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඥානන්ත්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චන්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චන්‍යායතනය ඉක්මවා නෛවසංඥානාසංඥායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් නෛවසංඥානාසංඥායතනය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වෙසේ ද ....
1. 16. 6. 62-72.
... පඨවිකසිණ ධ්‍යානය වඩා ද, ... ආපෝකසිණ ධ්‍යානය වඩා ද, ... තෙජොකසිණ ධ්‍යානය වඩා ද, ... වායොකසිණ ධ්‍යානය වඩා ද, ... නීලකසිණ ධ්‍යානය වඩා ද, ... පීතකසිණ ධ්‍යානය වඩා ද, ... ලෝහිතකසිණ ධ්‍යානය වඩා ද, ... ඔදාතකසිණ ධ්‍යානය වඩා ද, ... ආකාශ කසිණ ධ්‍යානය වඩා ද, ... විඤ්ඤාණ කසිණ ධ්‍යානය වඩා ද, ආලෝක කසිණ ධ්‍යානය වඩා ද, ...
1. 16. 6. 73-82.
... අශුභ සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සියලුම (ත්‍රෛධාතුක) ලෝකයෙහි අනභිරත සංඥාව වඩා ද, ... අනිත්‍යසංඥාව වඩා ද, ... අනිත්‍ය (වූ පඤ්චස්කන්‍ධ) යෙහි දුඃඛ සංඥාව වඩා ද, … දුඃඛ (වූ පඤ්චස්කන්‍ධ) යෙහි අනාත්ම සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) ප්‍රහාණ සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) විරාග සංඥාව වඩා ද, ... (සංස්කාරයන්හි) නිරෝධ සංඥාව වඩා ද ...
1. 16. 6. 83-92.
... අනිත්‍ය සංඥාව වඩා ද, ... අනාත්ම සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සර්‍වප්‍රකාරයෙන් ලෝකයෙහි අනභිරතසංඥාව වඩා ද, ... අස්ථිකසංඥාව වඩා ද, ... පුලවක සංඥාව වඩා ද, ... විනීලකසංඥාව වඩා ද, ... විච්‍ඡිද්‍රක සංඥාව වඩා ද, ... උද්ධුමාතක සංඥාව වඩා ද ...
1. 16. 6. 93-102.
… බුද්ධානුස්මෘතිය වඩා ද, ... ධර්‍මානුස්මෘතිය වඩා ද, ... සඞ්ඝානුස්මෘතිය වඩා ද, ... ශීලානුස්මෘතිය වඩා ද, ... ත්‍යාගානුස්මෘතිය වඩා ද, ... දේවතානුස්මෘතිය වඩා ද, ... ආනාපානස්මෘතිය වඩා ද, ... මරණස්මෘතිය වඩා ද, … කායගතාස්මෘතිය වඩා ද, ... උපශමානුස්මෘතිය වඩා ද, ...
1. 16. 6. 103-142.
... ප්‍රථමධ්‍යාන සහගත වූ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, … ස්මෘතින්‍ද්‍රිය ය වඩා ද, ... සමාධින්‍ද්‍රිය ය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රිය ය වඩා ද, … ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … ප්‍රඥාබලය වඩා ද, ... ද්වීතියධ්‍යානසහගත වූ, ... තෘතියධ්‍යානයසහගතවූ, ... චතුර්‍ත්‍ථධ්‍යානසහගත වූ, ... ප්‍රඥාබලය වඩා ද ...
1. 16. 6. 143-182.
... මෛත්‍රීසහගත වූ, ... කරුණාසහගත වූ, ... මෘදුසහගත වූ, ... උපේක්‍ෂාසහගත වූ, ... ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධීන‍්ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද, ... ශ්‍රද්ධාබලය වඩා ද, … වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද, ... මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇත්තේ ය යි කියනු ලැබේ. ශාස්තෘශාසනකර වූයේ, ඔවා පිළිගෙන කරන්නේ නො සිස් වූ රට්ඨපිණ්ඩය වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථාය.
සවන වග යි.
(අච්‍ඡරාසඞ්ඝාත වර්‍ගයෙහි පෙය්‍යාලමුඛයෙන් දක්වන ලද සූත්‍ර සඞ්ඛ්‍යාව එක්සිය දෙ අසුවකි?)