1. 16. 6. 1.
මහණෙනි, ඉදින් මහණ ඇගිලි පොළන පමණ කලෙකුදු ප්‍රථමධ්‍යානය භවා නම්, මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇතිව වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නො සිස් වූ පිණ්ඩපාතය වළඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
1. 16. 6. 2-8.
මහණෙනි, ඉදින් මහණ අසුරු ගසන පමණ කලෙකුදු ද්විතීයධ්‍යානය භවා නම්, ... තෘතීයධ්‍යානය භවා නම්, ... චතුර්‍ත්‍ථධ්‍යානය භවා නම්, ... (අර්‍පණාප්‍රාප්ත වූ) මෛත්‍රීචිත්තවිමුක්තිය භවා නම්, ... කරුණාචිත්තවිමුක්තිය භවා නම්, ... මෘදුතාචිත්තවිමුක්තිය භවා නම්, ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය භවා නම්, ... මහණෙනි, මේ මහණ නොහළ දැහැන් ඇතිවැ වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නොසිස් වූ පිණ්ඩපාතය වලඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
1. 16. 6. 9-12.
... (අටළොස් වැදෑරුම්) කයෙහි කය අනුව දක්නේ කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (කායසඞ්ඛ්‍යාත) ලෙව්හි (පඤ්චකාමගුණිකතෘෂ්ණාව වූ) දළ ලෝභය ද (ප්‍රතිඝසම්ප්‍රයුක්ත) දොම්නස ද දුරු කොට වෙසේ ද, ... (නවවිධ වේදනාවන්හි වේදනාව අනුව දක්නේ වෙසේ ද, ... (ෂෝඩශ ප්‍රභේද) චිත්තයෙහි, ... (පඤ්චනීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව දක්නේ, කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, ලෙව්හි අභිධ්‍යාව හා දොම්නස දුරලා වෙසේ ද ...
1. 16. 6. 13-16.
නූපන් ලෝභාදි ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස (කර්තුකම්‍යතා) කුශලච්ඡන්‍දය උපදවා ද, ... වයම්හි යෙදේ ද කායික චෛතසික වීර්‍ය්‍ය අරඹා ද, සහජාතවීර්‍ය්‍යයෙන් සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, ව්‍යායාම කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ... නූපන් කුශල ධර්‍මයන්ගේ උත්පාදය පිණිස ඡන්‍දය දනවා ද, ව්‍යායාම කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ... උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස නො නස්නා පිණිස, භූයස්ත්‍වය පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, පිරිපුන් බව පිණිස ඡන්‍දය දනවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ...
1. 16. 6. 17-20.
... කත්තුකම්‍යතාඡන්‍දය පැවැති සමාධිය හා චතුකිච්චසාධක ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩා ද, ... වීර්‍ය්‍ය ඇසිරි කොට පැවැති සමාධිය හා ... චිත්තය ඇසිරි කොට පැවැති සමාධිය හා, ... විමංසා ව ඇසිරි කොට පැවැති සමාධිය හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩා ද ...
1. 16. 6. 21-25.
... ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩා ද, ... වීර්ය්‍යේන්‍ද්‍රියය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධින්‍ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද ...
1. 16. 6. 26-30.
... ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, ... සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද ...
1. 16. 6. 31-37.
... ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩා ද, ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩා ද ...
1. 16. 6. 38-45.
... සම්‍යදෘෂ්ටිය වඩා ද, ... සම්‍යක්සංකල්පය වඩා ද, ... සම්‍යග්වචනය වඩා ද, ... සම්‍යක්කර්‍මාන්තය වඩා ද, ... සම්‍යක්ආජීවය වඩා ද, ... සම්‍යග්ව්‍යායාමය වඩා ද, ... සම්‍යක්ස්මෘතිය වඩා ද, ... සම්‍යක්සමාධිය වඩා ද ...