1. 16. 4. 34-36.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 37-39.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන් යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 40-42.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 43-45.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
[ජම්බූද්වීප පෙය්‍යාලය නිමි]
සතරවන වග යි.
[5. සොළොස්ප්‍රසාදකරධර්‍ම]
1. 16. 5. 1-16.
මහණෙනි, යම් ආරණ්‍යක බවෙක් වේ ද, ... පිණ්ඩපාතික බවෙක් වේ ද, ... පංසුකූලික බවෙක් වේ ද, ... තෙචීවරික බවෙක් වේ ද, ... ධර්‍මකථික බවෙක් වේ ද, ... විනයධර බවෙක් වේ ද, ... බහුශ්‍රුත බවෙක් වේ ද, ... ස්ථාවරප්‍රාප්ත බවෙක් වේ ද, ... ආකල්පසම්පත්තියෙක් වේ ද, ... පරිවාරසම්පත්තියෙක් වේ ද, ... මහපිරිවර ඇති බවෙක් වේ ද, ... කුලපුත් බවෙක් වේ ද, ... රූපසම්පන්න බවෙක් වේ ද, ... බස්කම්හි මියුරු හඬ ඇති බවෙක් වේ ද, ... අල්පෙච්ඡ බවෙක් වේ ද, ... ආරෝග්‍යසම්පත්තියෙක් වේ ද, මෙය ලාභයන් අතුරෙහි ඒකාන්ත ලාභය වේ.
[සොළොස්ප්‍රසාදකරධර්‍ම නිමි]
පස්වන වග යි.
[6. අච්ඡරාසඞ්ඝාත වර්‍ගය]
1. 16. 6. 1.
මහණෙනි, ඉදින් මහණ ඇගිලි පොළන පමණ කලෙකුදු ප්‍රථමධ්‍යානය භවා නම්, මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇතිව වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නො සිස් වූ පිණ්ඩපාතය වළඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
1. 16. 6. 2-8.
මහණෙනි, ඉදින් මහණ අසුරු ගසන පමණ කලෙකුදු ද්විතීයධ්‍යානය භවා නම්, ... තෘතීයධ්‍යානය භවා නම්, ... චතුර්‍ත්‍ථධ්‍යානය භවා නම්, ... (අර්‍පණාප්‍රාප්ත වූ) මෛත්‍රීචිත්තවිමුක්තිය භවා නම්, ... කරුණාචිත්තවිමුක්තිය භවා නම්, ... මෘදුතාචිත්තවිමුක්තිය භවා නම්, ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය භවා නම්, ... මහණෙනි, මේ මහණ නොහළ දැහැන් ඇතිවැ වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නොසිස් වූ පිණ්ඩපාතය වලඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
1. 16. 6. 9-12.
... (අටළොස් වැදෑරුම්) කයෙහි කය අනුව දක්නේ කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (කායසඞ්ඛ්‍යාත) ලෙව්හි (පඤ්චකාමගුණිකතෘෂ්ණාව වූ) දළ ලෝභය ද (ප්‍රතිඝසම්ප්‍රයුක්ත) දොම්නස ද දුරු කොට වෙසේ ද, ... (නවවිධ වේදනාවන්හි වේදනාව අනුව දක්නේ වෙසේ ද, ... (ෂෝඩශ ප්‍රභේද) චිත්තයෙහි, ... (පඤ්චනීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව දක්නේ, කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, ලෙව්හි අභිධ්‍යාව හා දොම්නස දුරලා වෙසේ ද ...