1. 16. 4. 12.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු උපා නුවණින් ප්‍රධන් වැර වඩත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු නුවණින් වැර නො වඩත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 13.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට මාර්‍ගඵලසමාධිය ලබත් ද, චිතෛතකාග්‍රය ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට සමාධිය නො ලබත් ද චිත්තෛකාග්‍රය නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 14.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර වූ පඤ්චභෝජයන් හා අග්‍ර වූ රස ලබනසුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර ආහාර හා අග්‍ර රස නො ලබන සුලු වෙත් ද අසුළා ගත් වනමූලඵලයෙන් හෝ කබලින් අළ අහරින් හෝ යපෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 15.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් (චතුඃ ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථරසයත් (චතුර් මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මරසයත් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) විමුක්තිරසයත් ලබනසුලු වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස නොලබන සුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. මහණෙනි, එහෙයින් ‘අර්‍ත්‍ථරසය - ධර්‍මරසය - විමුක්තිරසය ලබන සුලු වම්හ’යි මෙසෙයින් හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසෙයින් හික්මිය යුතුයි.
1. 16. 4. 16-18.
මහණෙනි, යම්සේ මෙ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය අල්පමාත්‍ර වේ. වැලිදු යම් ගොඩවළ තැන්, නදීදුර්‍ග, කණු කටු ගැවසීගත් තැන් හා පර්‍වත විෂමස්ථාන ඇත් ද, මෙයම බහුතර වේ. මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු මනුෂ්‍යයන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. ... තිරිසන්යොන්හි උපදිත් ද, ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 19-21.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 22-24.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 25-27.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.